IMG-LOGO

2025 මාර්තු මස 20 වන බ්‍රහස්පතින්දා


කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර ගිනි තියලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොටදෙනියාව නවාන පොදු සුසාන භූමියේ මිනී වළක් මත දැවෙමින් තිබූ නාඳුනන මළ සිරුර අතුරුදන් වූ හංවැල්ල තුම්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ  උඩුවිල ධම්මසිරි හිමියන්ගේ සිරුර බවට හඳුනාගෙන තිබේ.


එම ආරණ්‍ය සේනාසනයේ වැඩ වසන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ගල්නෑවේ සිරිධම්ම (23) හිමියන් විසින් සිරුර හඳුනාගත් බව කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පි.එම්. පුෂ්පකුමාර මහතා පැවසීය.

ඉකුත් දෙවැනිදා රාත්‍රීයේදී එම සේනාසනයට කඩාවැදුණු දස දෙනෙකුට අධික පිරිසක් එම හිමිනමට පොලු වලින් පහරදී වෑන් රථයක දමාගෙන පැහැර ගෙන ගොස් තිබිණි.

මෙම සේනාසනයේ වසර 16 ක සිට වැඩ වසන ගල්නෑවේ සිරිධම්ම හිමියන්, ඝාතනයට ලක්වූ උඩුවිල සිරිධම්ම හිමියන්ගේ නිකට ප්‍රදේශයෙන්, දත් වලින් සහ මෑතක දී අත් පා වල කපා තිබූ නියපොතුවලින් එලෙස හඳුනා ගත් බව ස්ථානාධිපතිවරයා පැවසීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පැහැර ගැනීමට යොදාගත් වෑන් රථයක්ද සමඟ  පුද්ගලයෙකු හංවැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි

කොටදෙනියාව මීරිගම මාර්ගයේ පොදු සුසාන භූමියේ මළ සිරුරක් මිහිදන් කළ වළක් මත  සිරුරක් දැවෙන බවට කොටදෙණියාව පොලිසියට ලද තොරතුරක් අනුව මළ සිරුර සොයාගෙන ඇත.

කන් වලින්  මුඛයෙන් හා නාසයෙන් ලේ ගලන තුවාල සහිතව තිබූ එම මළ සිරුර මුහුණ  දැඩි ලෙස පිලිස්සී තිබිණි.



අදහස් (43)

කොඩිකන්ද සේනාසනයේ හිමියන් ඝාතනය කර ගිනි තියලා

kahawitage Monday, 04 January 2021 06:15 PM

එක රටක්, එක නීතියක් කියලා ආපු ආණ්ඩුව, එකක් වත් කරගන්න බැහැ. නැට්ාට හිටන් ගොම...

:       0       0

DD Monday, 04 January 2021 06:18 PM

ඒක බෞද්ධ රටක්..

:       0       0

Anton Austria Monday, 04 January 2021 08:55 PM

කවුද මේ සත්තුද? මෙච්චර ම්ලේච්ඡ ජාතියක්ද ලංකාවේ ඉන්නේ...

:       0       2

Demuni Uduwara Monday, 04 January 2021 09:51 PM

මේ සිංහල බෞද්ධ රටට මොකක්ද සිද්ද වුණේ?

:       0       0

ලුම්බිණි Monday, 04 January 2021 10:58 PM

ආරණ්‍ය සේනාසනවල වැඩ වසන හිමිවරුන්ට අපල කාලයක් ලබලා වගෙයි. මීට කලින් නෙදර්ලන්ත හිමියන්ටත් මෙවැනි ඉරණමක් අත් වුණා.

:       0       0

dhamneth Monday, 04 January 2021 11:29 PM

මිනිස්සුන්ගෙන් වෙන්වී අරණායක වැඩවසන හාමුදුරුනමක්ව මරා පුළුස්සා දැමීමට තරම් තරහක්... ක්‍රෝධය, වෛරය කීපදෙනෙක් තුළ ඇතිවුණේ කොහොමද කියා සොයා බැලිය යුතුයි.

:       5       29

Neel Tuesday, 05 January 2021 01:27 AM

යහපාලන කාලයේ හාමුදුරුවරු මැරුනේ නෑ. සර්ගේ හමුදාපාලන කාලේ දැනට 02 යි. තව පුරවැසියනුවන් සූදානමින් ඉන්න. හැබැයි හිරේ ඉන්න මිනීමරුවන්ට නම් ඉක්මනින් නිදහස... 69 ට සතුටු ද?

:       14       33

Anura kumaraTuesday, 05 January 2021 09:06 AM

තමන්ගේ බූරු මොලේ ප්‍රසිද්ධ කරන්න ගිහින් මේ මිනීමැරුමත් ආණ්ඩුවේ වැරැද්දක්ලු... මිනිස්සු මිනී මැරුවාට ආණ්ඩුව මොනවා කරන්නද?

:       19       5

janabala asamagiWednesday, 06 January 2021 04:27 AM

කටුවාපිටිය පල්ලියේත් ගොඩක් දෙනෙක් බෝම්බෙට මැරුණනේ...

:       1       0

sharm warn Tuesday, 05 January 2021 03:14 AM

මොනවද මේ වෙන්නේ? ඒක ස්වාමීන් වහන්සේ නමක් දියේ ගිල්වලා අපවත් කරවලා තිබුණා. දැන් මේ කතාව. මේ තරම් පවුකාරයෝ බිහිවෙන්නේ කොහොමද?

:       5       49

Saman Tuesday, 05 January 2021 03:31 AM

මේවා හෙන ගහන අපරාධ !!!

:       18       42

L.G.P. Jatunarachchy. Tuesday, 05 January 2021 03:40 AM

දිවයින පුරා සිදුවන මෙවන් ඝාතන දැන් කවුරුත් ගණන් ගන්නේවත් නැහැ.

:       2       38

Soysa Tuesday, 05 January 2021 04:47 AM

රංජන් රාමනායක කියපුවා සහතික ඇත්ත, ඇතැම් හාමුදුරුවරු පන්සලට වෙලා කරන්නේ ඔය ටික තමයි, අසහනයෙන් වැඩ කරන්නේ, එහෙම නැත්තම් ජාතිවාදය... උල තියලා මරන්න ඕනෑ.

:       172       230

සුමන හිමි Tuesday, 05 January 2021 06:00 AM

අවි ගත්තෝ අවියෙන් නසිති...

:       0       5

Nemesh Tuesday, 05 January 2021 05:07 AM

ඊයේ පෙරදා පොදු සමාව ලැබිලා නිදහස් වූ දහස් ගණනින් එක්කෙනෙක් වෙන්න බොහෝවිට ඉඩ තිබෙනවා.

:       0       0

chandana Tuesday, 05 January 2021 05:24 AM

මෙයාලා බලයට ආවේ මෙවැනි අපරාධ වලට ඉඩ තියන්නේ නැහැ කියලා නේද?

:       0       0

siri mewan Tuesday, 05 January 2021 05:45 AM

ශ්‍රී ලංකාව බේරා දියව්... !!!

:       0       4

JAGATH g Tuesday, 05 January 2021 05:56 AM

මේ රජය හාමුදුරුවන්ට අපල රජයක්... නමුත් සිංහල බෞද්ධ රටක්... එක රටක්, එක නීතියක් තියෙන රටක්ද මේ?

:       1       4

පිටිගල මිලානො Tuesday, 05 January 2021 05:56 AM

රන්ජන් එළිකල දේ වගේ එකක් වත්ද?

:       3       8

ISURU Tuesday, 05 January 2021 05:59 AM

රජයට විරුද්ධව කටයුතු කරන නිසාද මේ? මේක බෞද්ධ රටක්ද?

:       3       4

KAMAL Tuesday, 05 January 2021 06:01 AM

69 ලක්ෂයේ හා 2/3 හා 20වන සංශෝධනය අනිසි ප්‍රතිඵල දෝ මේ... පොඩි හාමුදුරුවනේ..?

:       3       5

THILAK Tuesday, 05 January 2021 06:02 AM

සෞභාග්‍යයේ දැක්මේ ආරම්භයද මේ..?

:       3       3

KITHSIRI Tuesday, 05 January 2021 06:04 AM

සර් කෝ එක රටක්, එක නීතියක්... බෞද්ධ රටක වෙන දේවල්ද මේ සර්?

:       5       50

fairoosTuesday, 05 January 2021 09:48 AM

ඇයි කිත්සිරි දන්නේ නැද්ද මුස්ලිම් කෝවිඩ් මරණ ආදාහණය විතරක් කරන්නේ ඒකට තමයි..

:       2       3

IRONDI Tuesday, 05 January 2021 06:06 AM

505 සිට 2015 දක්වා කාලයේ සෙල්ලම් පටන් අරන් වගේ කොල්ලෝ..

:       3       14

JANITH Tuesday, 05 January 2021 06:19 AM

2010 සිට 2015 දක්වා කාලයේ වගේ දැනුත් සුබ අනාගතයක් ... හාමුදුරුවරුන් වහන්සේලාට...

:       3       35

THUSHAARI Tuesday, 05 January 2021 06:21 AM

මේ ආණ්ඩුවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය හැකිද?

:       6       44

Kumara Tuesday, 05 January 2021 07:04 AM

නීල් වගේ අය මේකත් දේශපාලනීකරණය කරලා...

:       10       5

රට වැසියා Tuesday, 05 January 2021 07:21 AM

කවුරු මොනවා කිව්වත්, සාසනේ ගැන කොච්චර හිත උණු වුනත් කමක් නැ! - ඔබ දරුවන් පංසල් වලට ප්‍රමාණයට වඩා පුරුදු කරන්න එපා! - පංසල් වල සිදුවන ළමා අපචාර රටට, ලෝකයට වාර්තා වන්නේ නැහැ! - හාමුදුරු කෙනෙක් වීම නිසාම ඔවුන්ට ළමා අපචාර කර නිතියෙන් පැන යාමට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. හංවැල්ල පැත්තේ මිනිස්සු දන්නවා මේ කථාවේ ඇත්ත නැත්ත.

:       7       22

irandikaa Tuesday, 05 January 2021 07:32 AM

මේවා වෙද්දී හාමුදුරුවන් වහන්සේලා මොකද කරන්නේ?

:       0       5

jagath Tuesday, 05 January 2021 07:34 AM

මේක බෞද්ධ රටක්ද? අපේ හාමුදුරුවනේ... නැතිනම් ඇමෙරිකාවේ ප්‍රාන්තයක්ද?

:       2       7

KIRTHI Tuesday, 05 January 2021 07:40 AM

මේවට කවුද වගකියන්න ඕනේ ...? මෙහෙම රටක් කෙරුවට රනිල් , සජිත් හා අනුරද?

:       7       3

කපුරුහාමිTuesday, 05 January 2021 02:04 PM

මේවා පව්කාර මිනිසුන්ගේ වැරදි. පවුල් පාලන ආණ්ඩුව කියලා නිකම් උන්නද? සුදු වෑන්, ඝාතන, අතුරුදහන් දැන් කාටකාටත් මතක නැතුවා...

:       2       3

janabala asamagiWednesday, 06 January 2021 04:26 AM

නොදකින් යහපාලන දේශපාලනේ බැංකු කඩනවා නීති නෑ ... කෝටි ගණන් අරන් නිදහස් කරනවා. වරාය විකුණා කොමිස් ගන්නවා... අනේ මන්දා පොහොට්ටුව ඒවත් වහගෙන මලානික වෙනවා.

:       0       0

ISURU Tuesday, 05 January 2021 07:42 AM

කෝ මේ යහපාලනේ කාලේ පෙළපාලි, පිකටින් කරපු හාම්ද්රුවන් වහන්සේලා සැතපිලාදෝ මන්දා...

:       4       18

THUSHENI Tuesday, 05 January 2021 08:21 AM

අර නාග ලෝකෙන් ගෙනාපු නයි බෝතලේ දාපු හාමුදුරුවෝලා... මේවට නෝ කතා...

:       1       8

DSD Tuesday, 05 January 2021 08:27 AM

දැන් උඩ comment දාපු අය හිතන විදියට මේ රට පාලනය කරන්නේ රනිල් හෝ සජිත් නම්, පන්සල් වල ඉන්න සියලුම හාමුදුරුවරු සිල්වත් වෙනවද? මිනිස්සුන්ගේ හිතේ තව කෙනෙක් මරණ චේතනාවන් පහල වෙන්නේ නැද්ද? මෝඩ මිනිසුනේ, ඔය පාට කන්නාඩි ගලවලා, ඇත්තට මිනිස්සුන්ට වෙලා තියෙන්නේ මොකක්ද කියලා බලන්න. මේ සමාජයට වෙලා තියන දේ ගැන හිතන්න. දේශපාලන පක්ෂවල වහලුන් වෙන්න එපා මෝඩයිනේ...

:       3       8

janith Tuesday, 05 January 2021 08:28 AM

එක රටක්, එක නීතියක්... සිංහල බෞද්ධ රටක්... මේක ඇමෙරිකාවේ ප්‍රවෘත්තියක් වෙන්න ඇති.

:       3       5

Kamal Koyrala Tuesday, 05 January 2021 08:30 AM

සේරටම විසඳුම් ලැබිලා ශාසනේ ආරක්ෂා කරගන්න අද රතන හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට වැඩියා.. සාදු...!!! සාදු...!!! 

:       1       10

MOHOMED Tuesday, 05 January 2021 08:56 AM

හොඳ හාමුදුරු කෙනෙක් .. අර මංගලාරාමයේ සුමනරතන හාමුදුරුවෝ ළඟ මහණ වුණානම් හරි.

:       1       6

irshad Tuesday, 05 January 2021 09:48 AM

ජනිත්,මේක ශ්‍රී ලංකාව... අපේ මව්බිම.. මෙහෙ කොහේද ඇමෙරිකන් කට්ටිය..

:       1       2

beau Tuesday, 05 January 2021 02:30 PM

හාමුදුරුවෝ පොඩි සාමණේරට හිරිහැර කරමින් කරන දේවල් අද රටේ බොහෝ දේවල් සිදුවෙනවා. කොටියෙක් වෙන්න පුළුවන්. නැතිනම් සාමණේරගේ දෙමව්පියෝ සහ ලොකු පිරිසක් ඇවිත් මෙයාව මරන්නේ නැහැනේ. සිවුරු දාගත්ත පළියට සිල්වත් වෙන්නේ නැහැනේ.

:       3       3

Rata Perata Wednesday, 06 January 2021 07:59 AM

නන්දසේන මුකුත් කියන්නේ නැහැ. ඇත්තටම ජනාධිපති සුවෙන් ඉන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

පුංචි ඡන්දය මැයි 06
2025 මාර්තු මස 20 569 1

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.


අලුත් වාහන ගැටළුව අවසන් කරන්න ගැසට්ටුවක්?
2025 මාර්තු මස 20 4687 4

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ, එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියු


දේශබන්දුගේ ගෙදර රටබීම බෝතල් 1009ක්
2025 මාර්තු මස 19 3373 29

අනිවාර්ය නිවාඩු ගිය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිවසේ තිබී විදේශීය මත්පැන් බෝතල් 1009 ක්ද ඔහුගේ ගිනි අවියද ඇපල් වර්ගයේ ජංගම දුරකතන දෙකක්ද සොයා


දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්
2025 මාර්තු මස 19 3360 11

අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට(20) දිනය තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්දික බුද්ධදාස


දේශබන්ධු මාතර අධිකරණයට ?
2025 මාර්තු මස 19 5073 24

අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණි බව අප වාර්තතාකරුවෝ පවසති.


ලංකාදීපය 19 වැනි වරටත් මහජන කිරුළ පළදියි
2025 මාර්තු මස 18 338 3

ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් කැන්ටාර් මහජන සම්මානය නොකඩවා 19 වැනි වරටත් ලංකාදීප පුවත්පත් හිමිකර ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1032 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 351 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site