IMG-LOGO

2024 පෙබරවාරි මස 27 වන අඟහරුවාදා


කෝටි 583 ක් ලාභ ලබද්දී ඇමති භාණ්ඩාගාරයෙන් ණය ඉල්ලයි

(විනීතා එම්. ගමගේ)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පාඩු ලබන බැවින් භාණ්ඩාගාරයෙන් ණය මුදලක් ඉල්ලා කම්කරු ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. එහෙත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින්ම නිකුත් කරන ලද නිල අයවැය වාර්තාව අනුව පසුගිය වසර 5 ක කාලය තුළදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ලබාගත් ශුද්ධ ලාභය රුපියල් බිලියන 5 ඉක්මවයි. එහි විගණනය කරන ලද ශුද්ධ ලාභය රුපියක් කෝටි 583 ක් හෙවත් රුපියල් බිලියන 5.83 කි.

පසුගිය වසර 5 ක කාලය තුළදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් ලබාගත් ශුද්ධ ලාභයන් පහත පරිදි වේ.

මෙවන් තත්ත්වයක් තිබියදී ඇතැම් අංශ වසා දැමීමට තරම් පාඩු ලබන තත්ත්වයක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පත්ව නැතැයි කාර්යංශයේ වෘත්තිය සමිති පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මූල්‍ය අර්බුදය කළමනාකරණය මැයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් අගෝස්තු 18 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය.  එමගින් යෝජනා කර තිබුණේ නැවත ගෙවන පදනම යටතේ භාණ්ඩාගාරයෙන් යම් ණය මුදලක් ලබා දෙන ලෙසයි. 

කාර්යංශය සතු 2019 වසරේ අවසන් ගිණුම් ප්‍රකාශය අනුව ආයෝජන වටිනාකම හා ඊට අදාළ පොලී ආදායම වශයෙන් රුපියල් බිලියන 13 ක් ඇති අතර එහි පොලී ආදායම පමණක් වාර්ෂිකව රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් (රුපියල් 9,44,60,000 ක්) ලැබෙන බවත්  ගිණුම් වාර්තා පෙන්වා දෙයි. කෙසේ වෙතත් මෙම මුදල්වලින් රුපියල් බිලියන තුනක් කුවේට් අරමුදල් වේ.

කාර්යංශයේ වාර්ෂික වියදම සාමාන්‍ය වශයෙන් රුපියල් බිලියන තුනක් වන අතර, දැනට පවතින වත්කම්වලින් පමණක් කාර්යංශය පවත්වාගෙන ගියත් කඩාවැටීමකට ලක් නොවී එය වසර තුනක් පවත්වා ගෙන යන්නට හැකියාව ඇතැයි කාර්යංශයේ වෘත්තිය සමිති පෙන්වා දෙයි. 2019 වසරේ කාර්යංශයේ ආදායම රුපියල් බිලියන 4ක් (රුපියල් 4,218,930,751 ක්)  ඉක්මවූ අතර එයින් කෝටි 99 ක්ම මූල්‍යමය ආදායම්  වන  බවද එම වාර්තාවල සඳහන් වේ. එහෙත් එම වර්ෂයේ සමස්ත වියදම ලෙස අදාළ වාර්තාවන්හි සඳහන්ව ඇත්තේ රුපියල් බිලියන තුනකි(රුපියල් 3,169,280,431)

එමෙන්ම කෝවිඩ්-19 නිසා අඩපණ වී ගියත් කාර්යංශය මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ රුපියල් කෝටි 70 කට ආසන්න මුදලක් උපයා තිබේ. එයින් කෝටි 21ක් උපයා ඇත්තේ විදේශ තානාපති කාර්යාලවල පවත්වාගෙන යන කාර්යංශයේ අංශ මගිනි.

එවන් තත්ත්වයක් තිබියදීත් අමාත්‍යවරයා කැබිනට්  පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම අංශ වසාදැමීමට පවා යෝජනා කර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය 2019 වසරේ භාණ්ඩාගාරයට රුපියල් බිලියන 2.6 ක් ගෙවා ඇති අතර මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ද රුපියල් දෙකෝටියකට ආසන්න මුදලක් භාණ්ඩාගාරයට ගෙවා තිබේ. මෙවැනි පසුබිමක් පවතිද්දී කළ යුතුව ඇත්තේ වඩාත් උනන්දු වී කාර්යංශයේ කටයුතු වර්ධනය කිරීම මිස සේවකයින් නිවාඩු යැවීමට උත්සාහ කිරීම හෝ වසා දැමීම නොවන බවත් විදේශීය කාර්යාල ශක්තිමත් කරමින් විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය තහවුරු කළයුතුව පවතිද්දී මෙසේ වසා දැමීමට කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක් බවත් වෘත්තීය සමිති පෙන්වා දෙති.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි මංගල රන්දෙණිය මහතාගෙන් ලංකාදීප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ වසර 30 කට වැඩි කාලයක් රාජ්‍ය භාණ්ඩාගාරයට උපරිම ප්‍රතිපාදන ලබා දුන් ආයතනයක්  බැවින් කෝවිඩ්19 කාලයේ දී මුහුණ දුන් අභියෝග හේතුවෙන් මෙසේ කාර්යංශයේ වියදම් සඳහා මුදල් ඉල්ලා සිටි බවය.

එය ණයක් ලෙස ලබාගෙන ආපසු ගෙවා දැමීමට ද ඉහළ කළමනාකරණය තීරණය කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.



අදහස් (36)

කෝටි 583 ක් ලාභ ලබද්දී ඇමති භාණ්ඩාගාරයෙන් ණය ඉල්ලයි

chamila Monday, 21 September 2020 01:52 PM

ඕක වහලාම දැම්මා නම් විදෙස් ගත අපිට ලොකු සහනයක්. ඊ මේල් එකක් දාලා දැන් මාස 4ක්... තාම උත්තරක් නෑ. ඕකේ වැඩකරන මිනිස්සු ලබන ආත්මේ සත්තු වෙලා ඉපදෙයි..

:       2       150

RaveendraMonday, 21 September 2020 02:20 PM

සහතික ඇත්ත...ඉතාමත්ම සුළුම සුළු කොටසක් තම රාජකාරි කරණා බවත් කිව යුතුමයි. නමුත් 99.99% ඉන්නේ එක එක දේශපාලුවගේ ඇම්බැට්ටයින්ය. පිං මාමලා සහ පිං නැන්දලාය..

:       0       139

thusithaTuesday, 22 September 2020 04:55 AM

අපෙන් ගන්නවා විතරයි... අපට දෙන්නේ නැහැ. අපි ගියාම වඳින්න ඕනේ හැම තැනකටම..

:       0       0

sena Monday, 21 September 2020 02:18 PM

ශුවර් එකටම ගාණක් කපාගන්න වෙන්න ඇති...

:       1       43

SL Monday, 21 September 2020 02:36 PM

එයාර් පොර්ට් එකෙන් යද්දී කප්පං ගන්නවා වගේ තමයි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ... ඒ සල්ලි වලින් කරන්නේ දේශපාලනයෙන් ඇතුලට රිංගලා ඉන්න අතිරික්ත සේවකයින් කියාගන්න පිං පඩි කාරයින්ට පඩි ගෙවන එක නේද?

:       0       0

SL Monday, 21 September 2020 02:36 PM

එයාර් පෝර්ට් එකෙන් යද්දී කප්පං ගන්නවා වගේ තමයි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ. ඒ සල්ලි වලින් කරන්නේ දේශපාලනයෙන් ඇතුලට රිංගලා ඉන්න අතිරික්ත සේවකයින් කියාගන්න පිං පඩි කාරයින්ට පඩි ගෙවන එක නේද?

:       0       0

Mf Monday, 21 September 2020 02:48 PM

විදේශ රැකියාවකට එන්න කලින් ශ්‍රමිකයන් විසින් මෙඩිකල් ගාස්තු 25000 ඇඟිලි සලකුණු කරන්න 5000 රක්ෂණ ගාස්තු 11500 විදේශ ඒජන්සිය 125000 මෙහෙම ජනතාව බින්දුවටම හූරගෙන කාලයි ලාභ ලබන්නේ..

:       0       40

SL Monday, 21 September 2020 03:40 PM

එයාර් පෝර්ට් එකෙන් යද්දී කප්පම් ගන්නවා වගේ තමයි මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ. ඒ සල්ලි වලින් කරන්නේ දේශපාලනයෙන් ඇතුළට රිංගලා ඉන්න අතිරික්ත සේවකයින් කියාගන්න පිං පඩි කාරයින්ට පඩි ගෙවන එක නේද?

:       0       36

Pradeep Monday, 21 September 2020 03:58 PM

විදෙස් ශ්‍රමිකයින්ගේ දහඩිය මහන්සිය හූරාගෙන කමින් ඔවුන්ට කිසිඳු සේවයක් නොකරන මේ ඊනියා "විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසුරුවා හැර ඒ මුදල් නැවත අදාල ශ්‍රමිකයින්ටම ගෙවන ක්‍රමවේදයක් හදන්න. පළමුව වරට විදෙස් ගතවන ශ්‍රමිකයෙකුගෙන් රු. 17000.00ක් සහ නැවත වසර දෙකකින් අලුත් කිරීමේදී රු. 3200.00ක්. මේ මුදලින් අදාල ශ්‍රමිකයාට සිදුවන සේවය හෝ යහපත කුමක්ද? එකම දේ දේශපාලන හෙංචයියලා ටිකකට රැකියා ලැබීම පමණයි. විදෙස් ශ්‍රමිකයින්ට ලැබුණු දෙයක් නම් නෑ. එවන් වාතාවරණයක් තියෙද්දී තමයි මේ තව ණය ඉල්ලන්නේ... අනේ මෙහෙමත් ඇමතිලා. නිදිමතේ ඉන්නේ නැතුව හොඳට හොයලා බලලා වැඩ කටයුතු කරන්න ඇමතිතුමනි. මේ ජනතාව ඉතා දුකසේ බදු ගෙවා එකතු වූ මුදල්. ඒවා අවභාවිතා කරන අය එනතුරු යමපල්ලෝ බලාගෙන ඉන්නේ...

:       0       56

K Perera Monday, 21 September 2020 04:43 PM

මේ ඇමැතිව උස්සලා පොළවේ ගහන්න එපෑයැ.

:       0       24

raheemMonday, 21 September 2020 05:54 PM

කේ. පෙරේරා.. අැමැතිව පොළවේ ගහන්න ඉස්සර, උස්සන්න එපෑයෑ. එයාව උස්සන්න ක්‍රේන් එකක් ඕනෑ..

:       0       0

donMonday, 21 September 2020 09:58 PM

බිත්තරේ පොලේ ගැහුවා වගේ තියෙයි.

:       0       0

chandima Monday, 21 September 2020 04:53 PM

රාජ්‍ය ආයතනයක් ලාභලබපුවාම ඒ මුදල් ඒ ආයතනයේ ගිණුම්වලම තියිගන්නේ නැහැ. එව්වා වසර අවසානයේ රජයේ ලභාංශ විදිහට භාණිඩාගාරයට බැරවෙනවා. නමුත් ඒ ආයතනය මේ වසරේ පාඩු ලැබූ බව ඕනෙම කෙනෙකුට තේරෙනවා. ඉතින් මේ වසර වෙනුවෙන් ණය මුදලක් ඉල්ලිමේ ඇති වරද කුමක්ද? හරිනම් ණයක් නොවේ රජයෙන් මුදල් යොදා එම ආයතනය ආරක්ෂා කරගන්නයි තියෙන්නේ.

:       55       5

කුමාර Monday, 21 September 2020 05:10 PM

මම හිතන්නේ ඔබ විදේශ රැකියාවකට ආපු කෙනෙක් නෙවෙයි. ඔය ආයතනයෙන් විදේශගත ශ්‍රමිකයන් සඳහා කරපු එක යහපත් දෙයක් කියන්න... දුප්පත් අපි රට එනකොට අසාධාරණ විදියට කොච්චර මුදල් අය කර ගන්නවද? කෝවිඩ් වලින් අසරණ වුණු අයට මොනවද කලේ...?

:       0       46

chandimaMonday, 21 September 2020 09:58 PM

මේ ආයතනයෙන් වැඩක් නොකරපු එක ගැන මගේ විවාදයක් නැහැ. සමහරවිට ඔබ හරියටම හරි ඇති. ආයතනය තව දුරටත් පවත්වාගත යුතුද නැතිද කියන එක ගැනත් ඔබේ මතය හරි ඇති. නමුත් මේ අදහස් දැක ඇත්තේ කළින් ලාභ ලැබූ පමණින් කිසිඳු ලාභයක් නොලැබූ මේ වසර සඳහා ණය මුදලක් ඉල්ලීමේ වරද බොහෝදෙනා දැක ඇති ආකාරය වැරැදි බවයි.

:       0       0

ranaTuesday, 22 September 2020 03:04 AM

විදේශ ගතවන ශ්‍රමිකයන්ගේ රක්ෂණයක් ලෙස අයකර ගන්නා මෙම මුදල්වලින් කොටසක් අතිරික්තයක් ලෙස මහ බැංකුවට බැර කරනවා මිස සියලුම මුදල් බැර කළහොත්? ලියන්නට පෙර සිතන්න...!!

:       0       0

PradeepTuesday, 22 September 2020 05:15 AM

තුවාලේ තියන එකාලු ඒකේ වේදනාව දන්නේ. නැති එකා ඒකට දාර්ශනික වදන් දෙයි.

:       0       0

PradeepTuesday, 22 September 2020 05:15 AM

තුවාලේ තියන එකාලු ඒකේ වේදනාව දන්නේ... නැති එකා ඒකට දාර්ශනික වදන් දෙයි..

:       0       0

SeneviratneTuesday, 22 September 2020 06:34 AM

පාඩු ලැබෙන්නේ වියදම වැඩි නිසා. ඒ නිසා වියදම අඩුකරන්න. දේශපාලන පන්දම් කාරයෝ නැතිව වැඩකරන්න පුළුවන් අය දාලා...

:       0       0

de silva Monday, 21 September 2020 06:53 PM

මේ මුදල් අතරමංවෙලා ඉන්න ශ්‍රමිකයෝ ලංකාවට ගෙනත් හෝටල්වල නිරෝධායනය කරන්න හොඳටම ඇති. රට රකිනවා කියලා කියන විරුවා මේවා දන්නේ නැද්ද? එහෙම නැතිනම් 20 පිස්සුව ඔලුවට ගහපු නිසා මොලේ කචල් වෙලාද?

:       0       0

ජේ.J Tuesday, 22 September 2020 01:40 AM

ලාබය ඔයිට වැඩි වෙන්න ඕනෑ.. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විදෙස් ගතවෙලා ඉන්න ශ්‍රමිකයින්ට කරන දෙයක් නෑ. ගුවන් තොටුපලෙන් පිට වෙනකොට ලියාපදිංචි වෙලාද කියලා නං හරියට බලනවා.

:       0       0

Bamunuarachchi Tuesday, 22 September 2020 01:42 AM

දැනටමත් කෝටි 583ට වැඩේ දීලද දන්නේ නැහැ.

:       0       0

Pradeep Tuesday, 22 September 2020 02:15 AM

විදෙස් ශ්‍රමිකයින්ගේ දහඩිය මහන්සිය හූරගෙන කමින් ඔවුන්ට කිසිඳු සේවයක් නොකරන මේ ඊනියා "විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසුරුවා හැර ඒ මුදල් නැවත අදාල ශ්‍රමිකයින්ටම ගෙවන ක්‍රමවේදයක් හදන්න. පළමුවරට විදෙස්ගත වන ශ්‍රමිකයෙකුගෙන් රු. 17000.00ක් සහ නැවත වසර දෙකකින් අලුත් කිරීමේදී රු. 3200.00ක්. මේ මුදලින් අදාල ශ්‍රමිකයාට සිදුවන සේවය හෝ යහපත කුමක්ද? එකම දේ දේශපාලන හෙන්චයියලා ටිකකට රැකියා ලැබීම පමණයි. විදෙස් ශ්‍රමිකයින්ට ලැබුණු දෙයක් නම් නෑ. එවන් වාතාවරණයක් තියෙද්දී තමයි මේ තව ණය ඉල්ලන්නේ. අනේ මෙහෙමත් ඇමතිලා. නිදිමතේ ඉන්නේ නැතුව හොඳට හොයලා බලලා වැඩ කටයුතු කරන්න ඇමතිතුමනි. මේ ජනතාව ඉතා දුකසේ බදු ගෙවා එකතු වූ මුදල්. ඒවා අවභාවිතා කරන අය එනතුරු යමපල්ලෝ බලාගෙන ඉන්නේ...

:       0       0

saman Tuesday, 22 September 2020 02:32 AM

මම වසර 10කට වඩා පිටරට වැඩකළා. මෙය විදේශීය ශ්‍රමිකයෙකුට උදව් කරන්න ගොඩක්ම නරක රාජ්‍ය සංවිධානයක්... ඒක අවසාන කළ යුතුයි.

:       0       0

Pradeep Tuesday, 22 September 2020 02:51 AM

විදෙස් ශ්‍රමිකයින්ගේ දහඩිය මහන්සිය හූරගෙන කමින් ඔවුන්ට කිසිඳු සේවයක් නොකරන මේ ඊනියා "විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසුරුවා හැර ඒ මුදල් නැවත අදාල ශ්‍රමිකයින්ටම ගෙවන ක්‍රමවේදයක් හදන්න. පළමුවරට විදෙස් ගත වන ශ්‍රමිකයෙකුගෙන් රු. 17000.00ක් සහ නැවත වසර දෙකකින් අලුත් කිරීමේදී රු. 3200.00ක්. මේ මුදලින් අදාල ශ්‍රමිකයාට සිදුවන සේවය හෝ යහපත කුමක්ද? එකම දේ දේශපාලන හෙංචයියලා ටිකකට රැකියා ලැබීම පමණයි. විදෙස් ශ්‍රමිකයින්ට ලැබුණු දෙයක් නම් නෑ. එවන් වාතාවරණයක් තියෙද්දී තමයි මේ තව ණය ඉල්ලන්නේ. අනේ මෙහෙමත් ඇමතිලා. නිදිමතේ ඉන්නේ නැතුව හොඳට හොයලා බලලා වැඩ කටයුතු කරන්න ඇමතිතුමනි. මේ ජනතාව ඉතා දුකසේ බදුගෙවා එකතු වූ මුදල්... ඒවා අවභාවිතා කරන අය එනතුරු යමපල්ලෝ බලාගෙන ඉන්නේ...

:       0       0

Pradeep Tuesday, 22 September 2020 02:51 AM

විදෙස් ශ්‍රමිකයින්ගේ දහඩිය මහන්සිය හූරාගෙන කමින් ඔවුන්ට කිසිඳු සේවයක් නොකරන මේ ඊනියා "විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසුරුවා හැර ඒ මුදල් නැවත අදාල ශ්‍රමිකයින්ටම ගෙවන ක්‍රමවේදයක් හදන්න. පළමුව වරට විදෙස් ගත වන ශ්‍රමිකයෙකුගෙන් රු. 17000.00ක් සහ නැවත වසර දෙකකින් අලුත් කිරීමේදී රු. 3200.00ක්... මේ මුදලින් අදාල ශ්‍රමිකයාට සිදුවන සේවය හෝ යහපත කුමක්ද? එකම දේ දේශපාලන හෙංචයියලා ටිකකට රැකියා ලැබීම පමණයි. විදෙස් ශ්‍රමිකයින්ට ලැබුණු දෙයක් නම් නෑ. එවන් වාතාවරණයක් තියෙද්දී තමයි මේ තව ණය ඉල්ලන්නේ. අනේ මෙහෙමත් ඇමතිලා. නිදිමතේ ඉන්නේ නැතුව හොඳට හොයලා බලලා වැඩකටයුතු කරන්න ඇමතිතුමනි. මේ ජනතාව ඉතා දුකසේ බදු ගෙවා එකතු වූ මුදල්. ඒවා අවභාවිතා කරන අය එන තුරු යමපල්ලෝ බලාගෙන ඉන්නේ...

:       0       0

sharm warn Tuesday, 22 September 2020 03:29 AM

ආ... ඔන්න රට දිනවන මහජන සේවකයෝ.. අපිට නම් හරිම සතුටුයි මේවා අහද්දී... මොන තරම් ආඩම්බරයක්ද අප්පා...? මේ ආයතනයෙන් හරිහමන් සේවයක් සලසන තැනට කාර්යක්ෂම කරනවා මිසක් බොරු කියලා ණය ගන්නේ ඇයි..?

:       0       0

kamal Tuesday, 22 September 2020 04:00 AM

කොරෝනාවෙන් අගතියට අත්වුණ විදේශ ශ්‍රමිකයන්ට දැන් නියම විදියට වන්දි දෙයි.

:       0       0

sampath janaka Tuesday, 22 September 2020 04:12 AM

මම දැනට අවුරුදු 15ක් වෙනවා විදේශයක සේවයට ඇවිත්. මේ අවුරුදු 15 මම සල්ලි ගෙවලා තියනවා විදේශ සේවා එකට ඒ ඒ අදාළ දේවලට. නමුත් මම දැන් මේ වසංගත තත්වයත් එක්ක ලංකාවට එන්න විදියක් නෑ. මම වගේම තවත් මේ මැද පෙරදිග රටවල හිරවෙලා ඉන්නවා. රස්සා නැතිවුණු මිනිස්සු ඕනෑතරම් ඉන්නවා. කරකියා ගන්න දෙයක් නැතුව අසරණ වුණා. අඩුම ගානේ මුකුත්ම කරගන්න බැරි අය වෙනුවෙන් හරියාකාර ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඔය හුඟාක් ලංකාවට එන අය මුදල් ගෙවලා ගුවන්යානා වෙන්කරවාගෙන එන්නේ... ඒකත් ගුවන් සමාගම් හරහා. සමහරු ඔවුන්ට රැකියා නොමැතිවීමත් එක්ක ඔවුන්ගේ වීසා අවසන්ව රැඳීසිටීමේ කාලයත් ඉක්ම ගොස්. ඒ සඳහා මේ රජයන්ට වෙනමම දඩ මුදල් ගෙවන්න වෙනවා. පොඩි ගණනුත් නොවෙයි. මේ දේවල් ගැන බලධාරින් කිසි පියවරක් අරන් තියනවද කියන්නවත් මම දන්නේ නෑ. ඇත්තටම මේ විදේශ සේවා එක ගැන ඇතිවෙන්නේ කලකිරීමක්. විදේශ ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් නොවෙයි නම් මේකෙන් ඇති වැඩේ මොකක්ද? විශේෂයෙන් මැදපෙරදිග රටවලට එන අය දුක් විඳලයි සල්ලි හම්බ කරන්නේ...

:       0       0

sharm warn Tuesday, 22 September 2020 04:27 AM

ආහ්... ඔන්න රට දිනවන මහජන සේවකයෝ... අපිට නම් හරිම සතුටුයි මේවා අහද්දී. මොනතරම් ආඩම්බරයක්ද? මේ ආයතනයෙන් හරි හමන් සේවයක් සලසන තැනට කාර්යක්ෂම කරන්න මිසක් බොරු කියලා ණය ගන්නේ ඇයි? මේ අතේ පත්තු වෙච්ච කතාව වහගන්න නිමල් ඇමැතිතුමා ඊළඟට ගහන කෙප්පය කුමක් විය හැකිද? 

:       0       0

sam Tuesday, 22 September 2020 04:48 AM

සහතික ඇත්ත... ඊළඟ ජීවිතයේදී ණය ගෙවාවි. ඔය අය කරන මෙලෝ සේවයක් නැහැ.

:       0       0

ABDUL CADER Tuesday, 22 September 2020 05:50 AM

නීත්‍යානුකූල කප්පම් හෙවත් රාජ්‍ය කප්පම...

:       0       0

lal Tuesday, 22 September 2020 07:32 AM

ඔය ආයතනයේ රක්ෂණය අලුත් කරන්න ගියාම පාස්පෝර්ට් කොපියත් පිටින් අරගෙන එන්න කිව්වා. ගන්න සල්ලිවලට අඩුගානේ ෆොටෝකොපියක් වත් මම දැන් අවුරුදු 10කට ප්‍රතිලාභයක් හැටියට අරන් නැහැ. ගාල්ලේ ශාඛාවේ, පාස්පෝර්ට් එක අරාබි පරිවර්තනය කරන ලෝයර් ඉන්නේ පරණ බදු අයිතිකාරයෙකුගේ මුඩුක්කුවකට තමයි ගියේ. එයාට 500ක් දුන්නා.

:       0       0

de silva Tuesday, 22 September 2020 08:05 AM

අතරමංවෙලා ඉන්න විදෙස් ශ්‍රමිකයින්ව ලංකාවට ගෙනත් හෝටල්වල සෞඛ්‍යාරක්ෂිතව නිරෝධායනය කර ඔවුන්ගේ ජීවිත බේරාගන්න මෙම මුදල් ප්‍රමාණවත්. ආණ්ඩුව සහ ඒකේ ලොක්කා නැහැ බැහැ කිය කියා ඉන්නවා මිසක් කරන කිසිම දෙයක් නැහැ. ගමේ හැදුණු වැඩුණු ඉංග්‍රීසි බැරි සිරිසේනගේ සහ අපේ සර්ගේ විශාල වෙනසක් පෙනෙන්නට නැහැ.

:       0       7

Mr Don Tuesday, 22 September 2020 09:46 AM

විදේශ ශ්‍රමිකයන් මුදල් මංකොල්ලකන ගුබ්බෑයමට හෙනම ගහන්න ඕනේ.

:       0       4

ABDUL CADER Wednesday, 23 September 2020 08:07 AM

නීත්‍යානුකූල කප්පම් හෙවත් රාජ්‍ය කප්පම..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස් සැරයන් වෙඩි තබාගෙන
2024 පෙබරවාරි මස 27 235 0

මාතර කොටවිල අධිකරණ සංකීර්ණයේ පොලිස් මුර පොල තුළදී පොලිස් සැරයන්වරයකු අද ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇතැයි කොටවිල පොලීසි


අල්ලස් ගත් කොස්තාපල් රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 27 166 0

මාර්ග රාජකාරියේ දී පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රයක් මුදා හැරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ඉත්තෑපාන පොලිසියේ පොලිස් කොස්තාපල් හ


කතානායක විශ්වාස භංගයට ජාජබ සහ ඩලස්ලාගේත් සහාය
2024 පෙබරවාරි මස 27 423 0

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය බාරදීමට යන විශ්වාසභංග යෝජනාවට ජාතික ජන බලවේගය සහ නිදහස ජනතා සභාවද සහාය දැක්වීමට තීරණය


විදුලි බිල අඩු කරන්න කොමිසම හෙට රැස්වෙයි
2024 පෙබරවාරි මස 27 166 2

විදුලිබල මණ්ඩලය යොමු කළ විදුලි ගාස්තු අඩු කිරීමේ නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදඟා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ රැස්වීමක් හෙට (28) පැවැත්වෙන බව එ


විදුලි ගාස්තුව සියයට 37කින් අඩුකරන්න
2024 පෙබරවාරි මස 27 263 0

විදුලි ගාස්තුව සියයට 37 කින් අඩු නොකර තවදුරටත් ජනතාව මුලාකිරීමට කටයුතු නොකරන ලෙස විදුලිබල ඇමතිවරයාට මතක් කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන


අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි
2024 පෙබරවාරි මස 27 502 1

ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධා


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 325 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 310 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 311 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site