(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය පිටවීම දොරටුව අසළදී සුඛෝපභෝගී ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 50කට අධික හෙරොයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අද(07) මීට සුළු වේලවකට ඉහතදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
කඩුවෙල සිට පැමිණි මෙම ජීප් රථය අතුරුගිරියෙන් පිටවීමට යාමේදී පොලිස් නිලධාරීන්ට ඇති වූ සැකයක් මත නවතා පරීක්ෂා කිරීමේදී මෙම මත්කුඩු සොයාගෙන ඇත.

COMMENTS
පහුගිය දවස්වල කුඩු කන්ටේනර් පිටින් ඇල්ලුවා .ඒවාට මොකද උනේ .කිලෝ ගණන් වලින් අල්ලන ඒවාට වැඩිය ග්‍රෑම් වලින් අල්ලන ඒවටනම් නිතිය අකුරටම ක්‍රියාත්මක වෙන බව තේරෙනවා
ඔහොම අල්ලන අයගෙන් ඕව කොහේදී කවුද පැටවුවේ , කොහෙටද කාට බාරදෙන්නද ගෙනියන්නේ කියලා අහල ඒ අයවත් අල්ලාගෙන අග සිට මුලටත් මුල සිට අගටත් කට්ටියවම අල්ලගන්න හරි ලේසියි නේ ..ඇයි අපේ පොලිසියට එහෙම කරන්න බැරි ?