විනීතා එම් ගමගේ
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 58 දෙනෙකුට අධිසුඛෝපභෝගී වාහන 58ක් පෞද්ගලික සමාගමක් මගින් කුලී පදනමට ලබා ගැනීමට ආණ්ඩුව ගත් උත්සාහයට විරුද්ධ වීමෙන් තමන්ට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරය අහිමි කළ බව එම අමාත්‍යංශයේ හිටපු ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

රුපියල් කෝටි 243 ක් වටිනා එම ගනුදෙනුව නීතිවිරෝධී බව පෙන්වා දෙමින් තමන් එය අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කළ කරුණු අනුව එය බවත් එහිදී අගමැතිවරයාගෙන් සහ මුදල් අමාත්‍යවරයාගෙන් තමන් වෙත බරපතල පීඩනයක් එල්ල වූ නමුත් තමන් සිටි ස්ථාවරය වෙනස් නොකළ බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියයි.
සාමාන්‍යයෙන් කැබිනට් තීරණයකට විරුද්ධ වීමට අමාත්‍යංශ ලේකම්වරයකුට නෛතික බලයක් නොමැති වුවත් එකී ගනුදෙනුව ගැන තමන් නිරික්ෂණය කළ අතිශය දූෂිත අරමුණ හා ක‍්‍රමවේදය තමන් දැඩිව ප‍්‍රතික්ෂේප කළ බැවින් හා එය ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියට සම්පූර්ණයෙන්ම පටහැනි වූ බැවින් එකී පදනම ඔස්සේ තමන් ඊට විරුද්ධ වූ බව ද ඔහු පවසයි.
මේ නිසා එවකට සිටි අගමැතිවරයා තමන් කැඳවා sign or resign යනුවෙන් තර්ජනය කළ බව ද එකී තර්ජනයකට ද තමන් කීකරු නොවූ බැවින් හා එවකට එම සිද්ධියට ලැබුණු පුළුල් ප‍්‍රචාරය හමුවේ යහපාලනයේ පිරිහීම ඇරඹුණු බැවින් ද ජනාධිපතිවරයා ඒ ගැන සෙවීමට සිව්පුද්ගල කමිටුවක් පත් කර එතෙක් එය ක‍්‍රියාත්මක කිරීම අත්හිටවූ බවත් හෙතෙම පෙන්වා දෙයි.
අවසානයේ තමන් අමාත්‍යංශ ලේකම් ධූරයෙන් ඉවත් කිරීම සඳහා තම අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යංශය හා එක් කර මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එහි ලේකම් තනතුර පවරා තමන්ට තනතුර අහිමි කළේ යැයි ද එසේවුවද තමන්ට තනතුර අහිමි වෙද්දී රටට රුපියල් කෝටි 243 ක් ඉතිරි කළ හැකිවීම පිළිබඳව තමන් සතුටු වන බව ද එහි සඳහන් වේ.
එම නිවේදනය පහතින් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඉවත් කළ, පත්කළ අය අත්සන් කළාද? වාහන ගේනවද?
තව නාටකයක් පටන් ගන්න වගෙයි හදන්නේ. අපෙන් ඡන්දෙ අරන් රට හදනවා වෙනුවට නාටක සෙල්ලම...
කිසිඳු තර්ජනයක් හමුවේ විනාශකාරී දේශපාලුවන්ට යට නොවන මෙවැනි නිලධාරීන් රටට අත්‍යාවශ්‍ය කාලයක් මේක...
කෝ යහපාලන හිවල්ලු මේවාට උත්තරදෙන්න? බලනකොට ඒ කාලේ අගමැතියා සලකලා තිබෙන්නේ මන්ත්‍රියාලටම විතරයිනේ...
මහත්මයාණෙනි, කබා, කලිසම් ටයිපටි අස්සේ වහන්කරගෙන සිටි නිසා ඡන්දපොලට යන්න කලින් අපි නොදැක්කා එයාලාගේ හොරකම, වංචාව, දූෂණය දැන්වත් මෙහෙම අපිට පෙන්නලා දුන්නාට ඔබතුමන්ට ස්තුතියි....
මේ කතාව ඇත්ත...
වැඩකට නැති යහපාලනයක්...
මොහුගේ කතාව " සත්‍ය නම් " අප මොහු පිළිබඳව ආඩම්බර වන්නේය. මක්නිසාදයත් කොන්ද කෙලින් තියාගෙන තනතුර හැරයාමට සිදුවුණත් තමන් රට වෙනුවෙන් තම යුතුකම සහ වගකීම නිසිලෙස කිරීම ගැන සතුටුවිය හැකිය. එසේ අද සමාජයේ වැඩිදෙනෙකුට සතුටුවිය නොහැකි බවත් දැන්වීමට කැමැත්තෙමු. එලෙසම මෙසේද කීමට කැමැත්තෙමු. තවත් වසර කීපයකින් දැන් බලයේ ඉන්න " හිඟන්නන් "ගැනත් තවත් පිරිසක් අනාගතේ මෙලෙසම කියනු ඇත. එයට ප්‍රධානතම හේතුව වන්නේ එකම පට්ටියේ ඉන්න 225 පිල් මාරුවෙමින් එකම කුඹුර හෑමට යාමයි.
රනිල් තවම කඩේ යන සෙට් එකට හොඳ කනේ පහරවල් මේවා...
හොඳ ළමයා..
එජාප කුක්කන්ට මේ යමපාලනය පෙනෙන්නේ නැත්ද? ආයේ බලය ලේසියෙන් ගන්න බැරි බව දන්න නිසා කන එකා අහුවෙන තැනින්ම නැතිවෙන්න කෑවා.
මේ කතාව ඇත්ත. මට මතකයි හිටපු අගමැති මෙතුමා සමග මේ ගැන අමනාපයෙන් තනතුරෙන් පහකළ බව... මහජනයාගේ දුකසැප බලන්න අගමැතිට වෙලාවක් නැතිවුණාට ලොකුලොකු කාර් ගෙන්වන්න ලොකු වුවමනාවක් තිබ්බා. ගොවියන්ටත් බ්‍රේස්ලට් දෙන්න වුවමනාව තිබ්බා. ඒවා දෙන්නට පෙර තනතුර නැති වුණා. නැත්නම් දැන් ගොවියන් කුඹුරු කොටන්නේ රත්තරන් පුරවාගෙන...
බී.එම්.ඩබ්ලිව්.. බදු වංචාව කියලා නාගානන්ද කියන එක තවත් එකක්ද?. එ්ක නම් කියන විදියට 225ම හොරා කාපු එකක්. මේ හොරුන්ගෙන් කවදා රට ගැලවෙයිද?
බලාගෙන ගියාම මෙයා රෝමේ උන්නේ නීරෝට වැඩි වෙනසක් නැහැනේ? රෝමේ ගිනිගනිද්දී වීනා වාදනේ කල, මෙය රට ආර්ථික වශයෙන් වලපල්ලට වැටිලා තියෙද්දී බලය පවත්වාගෙන යන්න ඇමතිලා මන්ත්‍රීලාට රටේ ජනතා බදු මුදලින් බිලියන් ගණන් දීලා අධි සුඛෝපභෝගි වාහන ගෙන්නලා. රටේ කිසිම සංවර්ධන වැඩක් නොකර, කරගෙන ගිය සංවර්ධන වැඩත් නවත්තලා... එය එදා හැදුවේ යන්තම් ඡන්ද ගණනකින් ආසනයක් දිනාගෙන පාර්ලිමේන්තුවට ඇවිත් මේ යානා වාහන දීපු කට්ටියගේ ඡන්දෙන් රටේ විධායක බලතල අතට ගන්න. මෙදා හදන්නේ සජිත්ගේ සන්ධානෙට අලියා ලකුණ ණයට දීලා අලියා, දිනුවොත් ලකුණ අයිති පක්ෂේ නායකයා තමන් කියලා පස්සෙන් පහු සජිත්ව එලවලා බලය ගන්න. පැරදුණොත් මේ සන්ධානෙට ලැබුණු සියලුම ඡන්ද අලියට ලැබුණු ඡන්ද විදියට පෙන්නලා මීළඟ මැතිවරණයේදී රැල්ලක් ඇතිකරලා ඡන්ද කඩාගන්න.
මෙන්න නිලධාරි...! අහෝ.. මහත්මා දේශපාලනයේ යෙදෙන හිටපු අගමැතිතුමනි...!
ඇයි මේවා කලින් නොකිව්වේ? ඒ ගැන සැකයක් ඇති වෙනවා. මේ ආණ්ඩුවේ තනතුරක් ගන්න ගොතන උප්පරවැට්ටියක් දෝ කියලා හිතෙනවා.
මේ අවස්ථාවාදීන්ගේ පට්ට බොරු. මේ පුද්ගලයාගේ ඉතිහාසය බැලුවොත් ඒක පෙනෙයි. රාජ්‍ය පරිපාලන සේවයේ සිට ගොට්ට අල්ලා ඉහළ ගියත්, පවතිනා රජයේ නීත්‍යානුකූල වූ, කැබිනට් අනුමැතිය සහිත තීරණ වලට ඉහළින් යන්න නිලධාරීන්ට බෑ. මෙයා දේශපාලන මතවාදයක් ඔලුවේ තියාගෙන රාජ්‍ය සේවය හෑල්ලු කළා. ඒ මිසක් වෙන මගුලක් කලේ නෑ. බොහෝ චෝදනා තිබුණා. හොඳට මතක තියාගන්න ඕනේ... එදා ආණ්ඩුවට වැඩ කරන්න, විවිධ මතධාරීන් එක්ව තබාගන්න ඕනේ වුණා. ඒ සඳහා ඒ මිනිස්සුන්ට සල්ලි තිබුණා. ලෝකයම උදව් කළා. ඒ අනුව තමයි සුවසැරිය ගිලන් රථ සේවය පටන් ගත්තේ. ඒත් අද හිඟාකනවා. ණය ගෙවන්න බැරුව දඟලනවා. ඒ අතරේ බයිලා ගහනවා.
පහුගිය කාලේ සමහර දූෂිත නායකයන් හෙන්චයියන්ට තනතුරු දුන්නේ තමුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ඨකර ගන්න කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
රට කන නඩය මේ පාරත් ගෙදර යවමු.
අපි ඔබතුමා ගැන හොඳින් දන්නවා. වැලිකන්දේ GSMB ය සිදුකළ මහාපරිමාණ වැලිජාවරම ගැන අප සංවිධානයේ සාමාජීකයින් ඔබතුමා සමග කළ සාකච්ඡාවෙන් දින කීපයකට පසු ඔබතුමාව එම තනතුරෙන් ඉවත් කළා. පස්සේ එම තනතුරට අාපු අසේල ඉද්දවල මේ ජාවාරම රජ්‍ය බලය උපරිමයෙන් යොදවා අපේ පරිසරය වගේම රටම විනාශ කළා...
දැන් කවුරුහරි මට කියනවද... මේ වාහන මෙයාලා යනකොට අරගෙන යනවද? නැතිනම් ඒවා රජයේ දේපළ විදිහටම එම අමාත්‍යාංශවල තියෙනවද කියලා...
අපේ ඇත්තෝ සල්ලි දෙනවා නම් ඕනෑ දෙයක්... මේකත් ඒ වගේ නාටකයක් තමයි.
මේ වගේ අයට ඇයි මෙහෙම බොරු ප්‍රසිද්ධියක් දෙන්නේ... ඇයි මෙහෙම උස්සලා තියන්නේ? මේ අයගේ කැරට්ටුව මේ රටේ දන්නා අය දන්නවා...
මම කිසිවෙකුට දොස් නොකියමි, වෛර නොකරමි, කර්මය විශ්වාස කරමි. මහජන දේපල හොරාකන දේශපාලකයන් ඔවුන්ට කඩේ ගිහින් මාටියා ගහන නිලධාරීන්, විනිසුරුවරුන්, නීතීඥයින්, මෙකීනොකී සියලුම අපතයින් අද යහතින් වැජඹුනත් හෙට මොවුන් දරුණු ලෙඩරෝගවලින් විඳවනවාමයි. මරණින් මතු නිරයේ දහදුක් විඳවනවාමයි. බුදුබණ සත්‍යයි..
ඕක ඒ කාලේ කියන්න තිබුණනේ... දැන් මොන කෙහෙල් කෙඩියකටද ඕක කියන්නේ? රජයට පාඩුවක් වෙන බව දැනදැනම වසන් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් නොවන්නේද?