බිමල් ෂ්‍යාමන් ජයසිංහ
මහබාගේ ප්‍රදේශයේ නිවසකදී රුපියල් කෝටි 225 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු කිලෝ 225 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි .
එම සැකකරුවන් සමග මෝටර් රථයක් සහ කැබ් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත .
කිලෝ 10 යේ හාල් උරයක සහල් අතරේම මත්කුඩු කිලෝ 1 බැගින් සඟවා ප්‍රවාහනය කිරීම සඳහා කැබ් රථයට සහ මෝටර් රථයට පටවමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
මෙම මත්කුඩු තොගය දකුණු පළාතේ ප්‍රබල පාතාල නායකයෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාට අයිති බව මූලික පරීක්ෂණ වලදී තහවුරු වූ බව පොලිසිය සඳහන් කරයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ .... මේවා කොහෙන් ගෙනාවාද? කොහොම කාට බෙදනවාද? මේවා මෙහෙයවන මහ කෙරුමන් කව්ද ?
වැලිසර නාවික හමුදා කදවුරට එල්ල වුනු ජීව අවි ප්‍රහාරය කුඩු නායකයන් විසින් කල දෙයක් වෙන්න බැරිද ? සියලු දෙනාම සුදුවැල්ල කුඩු කාරය පසුපස ගියාට වෙනත් ආකාරයකින් මෙම වෛරසය කදවුරු තුලට ඇතුළු කලද කියල සොයා බැලුවොත් හොදයි නේද? මොකද කුඩු ජාවාරම එච්චරට ප‍්‍රබලයි. පසුගිය කාලයේ කුඩු සම්බන්දව නාවික හමුදාව විශිෂ්ට කාර්ය භාරයක් කලා.... එය නවත්වන්නට කුඩු නායකයන්ට අනිවාර්යයෙන් අවශ්‍යයයි.
අල්ලපු පොලිසියේ රාළහාමිලාට දෙයියන්ගේම පිහිටයි... ඔය පාතාලයා ගම්කබරයාගේ ගෝලයෙක්..
වැටලීම්නම් නැගලා යනවා.
"ප්‍රබල පාතාල නායකයෙක් වන කොස්ගොඩ තාරක නැමැත්තාට අයිති බව " මුස්ලිම් ජාතිකයෙක් කියලා නැද්ද?
හැමදාම අල්ලනවා... අහුවෙන්නේ කුඩු පැකට් කරන අය සහ බෙදාහරින රියදුරන් විතරයි .ලංකාවට ගේන මහා කෙරුමන් කිසිවෙක් අහුවෙන්නේ නැත .
බොහොම හොඳා. තාරකට දැන් තරු පෙනී ඇත...
මේ මත්කුඩු ගෙනාපු උන්ටම පොවන්න. රටේ අහිංසක තරුණයින් ලක්ෂ ගානකගේ ජීවිත ,දරුවන්ගේ දෙමාපියන් ,පවුල් පිටින් විනාශ කරන උන්ට පොවලා උන්ටත් ඒ අත්දැකීම ලබා දෙන්න.
එක්කො හොරුන්ට බයයි.. නැත්නම් හොරුන්ගෙම පැත්තෙ කියල තමයි හිතන්න වෙන්නෙ..
ඔක්කොම දන්නවනම් ඔය කියන අයවලුන් අත්අඩංගුවට ගන්න බැරි දේශපාලන හේතුද? ඕව ඔක්කොම දකින අහන අයට විහිලු සැපයීමක් විතරයි. පොලිසිය තියෙන්නේ දන්නා කම පෙන්නලා නිකම් ඉන්න නොවෙයි අපරාධකරුවන් අල්ලලා දඬුවම් දෙන්න කියල අපි දන්නේ.
මෙයාලව කුඩුවේ දමලා පූස්පැට්ටු වගේ තියාගන්න. මරණ දඩුවම නම් දෙන්න එපා. දුන්නත් ක්‍රියාත්මක කරන්නේ නැහැනේ !
කොච්චර ඇල්ලුවත් ඕවා ආයේ මාකට් එකට එනවා කියලා හැමෝම දන්නවා. මාධ්‍ය කැඳවලා ප්‍රසිද්ධියේ විනාශ කලේ නැත්නම් වැඩක් නෑ.
මේකෙත් අල ගියතැන්, මුල ගියතැන් අල්ලන්න හමුදා බුද්ධි අංශයටම දෙමුද? නැත්තන් වාහන ටිකයි, කුඩු ටිකයි, අල්ල ගත්ත කොල්ලෝ හතරයි විතරමයි
ගෝඨා දෙන මාධ්‍ය ගේම් එක්ක බලනකොට මේවයෙ තියෙන්නෙ ඇත්තම කුඩු කියල කාටද කියන්න පුළුවන්? අද හෙට පොලිසිය ලොකු මාධ්‍ය සංදර්ශනයක් තියල කුඩු ටික පිච්චුව කියල පෙන්වයි. කොස්ගොඩ තාරකය බලනවාද දන්නෙ නැහැ... මමත් නොදන්න මගේ කුඩු පොලීසිය අල්ලලා කියල.