IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි 200 ක වංචාවක් ඇතැයි ජනපති නොමඟ යැවූ අය ගැන බන්දුල වර්තාවක් ඉල්ලයි

(ජයන්ත සමරකෝන්)
 
නෙළුම් කුලුණ ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී රුපියල් මිලියන 200 ක් වංචාවක් සිදුවී ඇති බවට ජනාධිපති කළ ප්‍රකාශය ඒ මහතා නොමඟ යැවීමට කවුරුන් හෝ කළ කුමන්ත්‍රණයක් දැයි සැකයක් මතුව ඇති බැවින් ඒ ගැන සොයා බලා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී  බන්දුල ගුණවර්ධන මහතා අද (17) ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේය.

එහි වාර්තාව සති දෙකක් තුළ ලබාගත යුතු බවද  මන්ත්‍රීවරයා දැනුම් දුන්නේය. මෙම බරපතල ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකාව හා චීන රජයේ අභිමානයට බලවත් කැළලක් සිදුවී ඇතැයි ද චීන රජයෙන් ඒ සඳහා පැහැදිලි කිරිමක් බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් අද විශේෂ නිවේදනයක් නිකුත් කිරිමට නියමිත බවද කී මන්ත්‍රීවරයා විදුලි සංදේශ නියාමන කොමිසමේ එවකට අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ අනුෂ පැල්පිට මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ පිළිබඳ සැබෑ තත්ත්වය හෙළිකර ඇතැයි ද ඔහු කීවේය.



අදහස් (14)

කෝටි 200 ක වංචාවක් ඇතැයි ජනපති නොමඟ යැවූ අය ගැන බන්දුල වර්තාවක් ඉල්ලයි

රවින් Tuesday, 17 September 2019 10:07 AM

හා ! එහෙම කෙරුවයි කියමුකෝ...!! ඉතින් නිකන් උඩ පනින්නේ නැතිව තොරතුරු දැනගැනීමේ පනත යටතේ විස්තර ඉල්ලන්න තිබුණනේ? තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ අනුමත කරනකොට හිටියේ බැංකොක් වලද? පාර්ලිමේන්තුව තුළ නොවේනේ සිද්ධිය වුනේ, පාර්ලිමේන්තුව පිටදී. හරි විස්තර දැනගෙනම මාධ්‍යයට කීවානම් සම්පූර්ණයෙන් විස්තර කාටකාටත් දැනගන්න තිබුණා. එහෙම නේද හොඳ?

:       0       0

Ruwan Tuesday, 17 September 2019 10:17 AM

හොරාට කලින් කෙහෙල් කැන වැට පනී.. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ දැනුණා.

:       0       0

Sanka Tuesday, 17 September 2019 10:57 AM

ඔන්‍න‍ බලල මල්ලෙන් එළියට පැන්නා. ඔිවා කරන කොට හිතුවේ නැහැ මෙහෙම වෙයි කියලා. වාර්තාව එනකොට තව කෝටි ගණන් මොන හොරකම් අහුවෙයිද දන්නේ නැහැ.

:       647       2876

senaTuesday, 17 September 2019 01:02 PM

මට දැනුයි තේරුනේ ජනාධිපතිතුමා හරි වැඩක්වත්, හරි කතාවක්වත් නොකරන්නේ මොකද කියලා... මේ එක එක්කෙනා එතුමාට වැරදි පාරවල් පෙන්නනවනේ..!

:       0       0

ලුම්බිණි Tuesday, 17 September 2019 11:44 AM

රුපියල් 2500 කින් ජීවත් වෙන්න පුළුවන් කියල වැරදි ගණන් කිව්ව එකට නම් ස්වාධීන ජනාධිපති කොමිසමක් ඉල්ලුවේ නැහැ නේද?

:       0       110

Hafeel Tuesday, 17 September 2019 11:51 AM

පුද්ගලික බැංකුවකින් ගත්තු ණය නොමඟ යැව්වා වගේද මේකත්..?

:       0       0

lankasri Tuesday, 17 September 2019 12:00 PM

ඔව් කෝටි 200ක් වෙන්න බැහැ. මේක ලොකු බොරුවක් මේ ගොල්ලෝ ගැහුවා නම් කෝටි 500ක් වත් වෙන්නැති.

:       0       0

hira Tuesday, 17 September 2019 12:18 PM

සංඛ, ඔයාට සිංහල කියවලා තේරුම් ගැනීමේ ශක්තියක් නැද්ද? ඔයා උප්පත්තියෙන්ම කොළ පාටද?

:       0       0

gunarathna Tuesday, 17 September 2019 01:03 PM

අවුරුදු 4ක් තිස්සේ හොරු එල්ලුවනේ. මේකත් හොයලා බලලා යමක් කරන්ට පුළුවන්නේ...

:       0       0

jinasiri Tuesday, 17 September 2019 03:01 PM

රුපියල් 2500 කින් පවුලකට මාසය ජීවත්වෙන්න පුළුවන් කියපු බන්දුලනේ.. මේ ඉතින් මෙයාගෙන් තව මොන කතාද?

:       0       0

ajith Tuesday, 17 September 2019 04:40 PM

කෝටි 200 ක් ගසා කාලා කරපු මේ වැඩෙන් පොදු ජනතාවට ඇතිවූ සෙත මොකක්ද? දේශපාලකයන් පොහොසතුන් වුණු එක පමණයි සිදුවෙලා තියෙන්නේ...

:       0       0

Saman Tuesday, 17 September 2019 11:09 PM

මොකටද මෙයා මෙච්චර කලබල වුනේ ?

:       0       0

Sena Tuesday, 17 September 2019 11:10 PM

මේ අර බැංකුවෙන් ණයක් ගන්නකොට බලන්නේ කියවන්නේ නැතුව අත්සන් කළ එක්කෙනා නේද?

:       0       0

Susil Tuesday, 17 September 2019 11:12 PM

අනේ සිරා, නොමඟ යවන්න... නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30166 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12266 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10899 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 770 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 235 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 885 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site