IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි 100 ක කුඩු අල්ලයි

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි සියයකට අධික වටිනාකමකින් යුත් හොරෙයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් තිදෙනෙක් අද (20) වැලිගම, මෝදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ මෙහෙයුම් අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම සැකකරුවන් සමග මෝටර් රථයක් හා මත්කුඩු කිලෝ 100 පොලිසිය භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව විශේෂ මෙහෙයුම් අංශය මගින් මෙම වැටලීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොළඹ කොටිකාවත්ත ප්‍රදේශයේ සිට සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්කුඩු තොගයක් මිලදී ගැනීම සඳහා වැලිගම, මෝදර ප්‍රදේශයට පුද්ගලයෙක් පැමිණ සිටින බවට ලද තොරතුරක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් එම ස්ථානය වටලා සිදුකළ පරික්ෂාවේදී මෝටර් රථය තුළ තිබී මත් කුඩු කිලෝ 25 ක් සොයාගැනීමට හැකි වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.  

එම අවස්ථාවේදී එහි රැදී සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඒ අසන්නයේ ඉඩමක සඟවා තිබූ තවත් මත්කුඩු කිලෝ 75 සොයා ගැනීමට හැකි වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය.

ඉතාලියට පලා ගොස් සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්ගම, විදුර නැමැත්තාට මෙම මත්කුඩු තොගය අයත් බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මුහුදු මාර්ගයෙන් මෙරටට මෙම මත්කුඩු තොගය එන්නට ඇතැයි උසස් පොලිස් නිලධාරියා පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු වැලිගම පදිංචිකරුවන් බවත් අනෙක් සැකකරු කොළඹ, වැල්ලම්පිටිය කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් අංශය මගින් වැටලීම සිදු කර ඇත.



අදහස් (5)

කෝටි 100 ක කුඩු අල්ලයි

leel gunawardena Friday, 20 November 2020 06:58 PM

හිතාගන්න බැහැ. තාමත් මහ ජාවාරම සිදුවෙනවා.

:       0       3

Kalana Bihalpola Saturday, 21 November 2020 03:06 AM

සැපයුම් ඇමැතිවරුන් කවුද?

:       0       9

Kamal Koyrala Saturday, 21 November 2020 02:13 PM

කෝ කෝටි 100 කුඩු ටික.

:       0       4

BamunuarachchiSunday, 22 November 2020 12:52 AM

මොකද බිස්නස් එක පටන් ගන්නද?

:       0       0

Bamunuarachchi Sunday, 22 November 2020 12:57 AM

කොරෝනා කලබල අස්සේ කුඩු ඇල්ලීමත් කරගෙන යනවා. බොහොම හොඳයි. බිස්නස් නිවුස් සඟරාවක ගෝඨාබය මහතා කියා තිබුණා ඔහු පටන් ගත්ත වැඩක් අතරමග නවත්වන්නේ නැහැ කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site