IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


කොටි රංචුවක් සැරිසැරීමෙන් කම්කරුවෝ බියවෙති

(ශාන්ත චන්ද්‍රසිරි)
 
කඳුකර කොටි රංචුවක් තලවකැලේ, ලිඳුල, හෙන්පෝල්ඩ්, අග්‍රාකන්ද වත්තේ අද (6) සැරිසැරීම හේතුවෙන් බියට පත්ව සිටින බව වතු කම්කරුවෝ පවසති.

හොදින් වැඩුණු කොටියන් සිව් දෙනෙකු අග්‍රා ඔයේ ජලය පානය කරමින් සිටින අයුරු තමන් දුටු බවත්, පසුව එම සතුන් ඔයෙන් එගොඩ වී වත්තේ පිහිටි ලඳු කැලෑව තුළට ගිය බව වතු කම්කරුවෝ පවසති. 

එම සතුන් නිදහසේ  ජලයේ සිටි බවත් පැය භාගයකට ආසන්න කාලයක් එසේ සිටි කොටියන් පසුව ඔයේ වේල්ල මතට නැග ටික වේලාවක් ඒ අවට සැරිසරා පසුව ලඳු කැළෑවට රිංගා නොපෙනී ගිය බවද වතු කම්කරුවකු කීය.

තමන් හා තම පාසල් යන ළමුන් නිරන්තරයෙන් එම ප්‍රදේශයෙන් ගමන් ගන්නා බවත්, කොටියන් දැකීමෙන් තමන්ගේ හා ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි බියට පත්ව සිටින බවද අග්‍රාකන්ද වත්තේ වතු කම්කරුවෝ කියති. 
 



අදහස් (3)

කොටි රංචුවක් සැරිසැරීමෙන් කම්කරුවෝ බියවෙති

aravinda Wednesday, 06 March 2019 11:34 AM

කම්කරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට අනතුරක් සිදුවන්නට පෙර, මේ දිවියන් අල්වා අභය භූමියකට මුදා හැරිය යුතුයි. එසේත් නැත්නම් ගම්වලට පැන මිනිසුන්ට හානියක් කිරීමට පෙර ඔවුන්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි...

:       151       24

raviWednesday, 06 March 2019 12:24 PM

අරවින්ද.. ඔයා කොටින්ට වෙඩිතියන්න කැමතිනම්... අපි ඔයාට යාපනය පැත්තේ රස්සාවක් හොයලා දෙන්නම්...

:       8       21

aravindaWednesday, 06 March 2019 12:38 PM

ඔය කියන කොටි රංචුව කොළඹ, නුවර, ගාල්ල වගේ නගරයක් අවට සැරිසැරුවා නම් ඔවුන්ගේ ඉරණම කුමක් විය හැකිද?

:       33       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site