(යොහාන් භාසුර)
වියළි මිදි යැයි හඟවමින් ඉන්දියාවෙන් ආනයන කළ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමින් යුත් වියළි කහ කිලෝ 7,110 ක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා අද (21) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකා රේගු ආර්.සී.ටී. බහලුම් පර්යන්තයේ බහලුම් හතරකින් මෙම කහ තොගය සොයාගත් බවත් වියළි මිදි කිලෝ 10 බැගින් ඇතුළත් යැයි සඳහන් පෙට්ටි 1995 කින් පෙට්ටි 790 ක මෙම කහ තොගය සූක්‍ෂම ලෙස සඟවා තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
වියළි මිදි කිලෝ 10 බැගින් වන පෙට්ටි 20,000 ක් යැයි පවසමින් කොළඹ 12 ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මෙම කහ තොගය ආනයනය කළ ඇති බවත් මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්‍ෂණ ක්‍රියාත්මක වන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පරික්ෂා කරන්නේ නැතිව ඕවා එළියට යන්නේ නැතිව ඇති නේද? නිකන් ඇහුවේ ඇයි කිව්වොත් ඔය රේගුවේ අය බඩු පරික්ෂා කරන්න යනකොට අරන්යන මල්ල යනකොට පොඩියි... එනකොට ලොකුයි..
අපොයි.. මේ මොන අපරාධයක්ද කරලා තියෙන්නේ? එහෙම කොහොමද කහ ගෙන්වන්නේ. මෙන්න මේ ටික ගිනි තියලා දාමු.