(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)
පැල්මඩුල්ල නගරයේ වෙළඳසැලක් බිඳ රුපියල් කෝටි තුනක් පමණ වටිනා මැණික්, රන් ආභරණ සහ මුදල් කොල්ලකෑ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරුවන් 5 දෙනා අගෝස්තු 20 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරිමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලී පෙරේරා මහත්මිය අද (9) නියෝග කළාය.
මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ බළන්ගොඩ කිරිමැටිතැන්න හන්දියේ පදිංචි මොහොමඩ් හනීෆා අබ්දුල් සත්තාර් (48), වේලිඔය කොටවෙහෙරමංකඩ, ලිපිනයේ අස්වැද්දුමේ ආරච්චිලාගේ අජිත් විජයවීර (48), උතුරු කිරිදිවල, මද්දේගම, බෙලින්දන්දේ ලිපිනයේ සපුතන්ත‍්‍රිගේ දොන් සඳුන් චාමර මධුශංඛ (25) , ලූණුගම්වෙහෙර, දකුණු ඉවුර, කුඩාගම්මාන පහේ, පදිංචි පම්බොක්ක ආරච්චිගේ දිලංග දිල්ශාන් (24) සහ හොරණ, මාගම, ලිපිනයේ ජයකොඩි ආරච්චිගේ ධනුෂ්ක කුමාර (29) යන පස් දෙනාය.
සැකකරුවන් අතර ගුරුවරු දෙදෙනෙක්, යුද හමුදාවෙන් පලා ආ බව කියන පුද්ගලයන් දෙදෙනෙක් ද වෙති. මෙම සැකකරුවන් පස් දෙනා පැල්මඩුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් බන්දු ජයනාත් හිත්තැටිය මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරයේ තැබීමට නියෝග කර තිබිණි.
සැකකරුවන් පස් දෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (9) පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
පැල්මඩුල්ල නගරයේ කෙලින් වීදියේ දේදුණු ටෙකස් ආයතනයේ පිටුපස දොර කඩා සැකකරුවන් ඇතුළුවී සේප්පුව විවෘත කර එහි තිබූ රන් ආභරණ, මැණික් සහ මුදල් කොල්ලකා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව කළ විමර්ශන වලින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය බවසයි.
ගුරු වෘත්තීයේ යෙදෙන සැකකරුවන් දෙදෙනාම බළන්ගොඩ කල්තොට ප‍්‍රදේශයේ මහා විද්‍යාලයක ගණිතය සහ දෙමළ විෂය උගන්වන ගුරුවරු දෙදෙනෙක් බවද පොලීසිය කරුණු දැක්වීය.
සෙසු සැකකරුවන් අතරින් දෙදෙනෙක් යුදහමුදා සේවයෙන් පලා ආ අය බවත් ඉන් එක් තැනැත්තෙක් ත‍්‍රිරෝද රියදුරෙක් ලෙස කටයුතු කළ අයෙක් බවත් පොලීසිය පවසයි.
විමර්ශන තවමත් අවසන් නොමැති බැවින් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ පැල්මඩුල්ල පොලීසිය ඉල්ලා සිටියේය.
සොයාගන්නා ලද රන්භාණ්ඩ නිදහස් කරන ලෙස පැමිණිකරු ඉල්ලීමක් කළේය. විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කෝටි තුනේ මැණික් කොල්ලයේ සැකකරුවෝ 20 තෙක් රිමාන්ඩ්