
(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 3 ට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 107 ප්‍රමාණයක් සමග සැකරුවෙක් වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට ගෙන ඇත.
නාවික හමුදාව විසින් ඊයේ (22) දින වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සහ නිවසක් අසල දී මේවාසොයාගෙන ඇත.
වෙත්තලකේණි නාවික අණුඛණ්ඩය මගින් කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, අසල ලඳු කැලෑවට පැනයාමට උත්සහ කළ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඇති අතර ඔහු සතුව තිබී කේරළ ගංජා සහිත පාර්සල් 16 ක ප්‍රමාණයක් සොයාගෙන ඇත.
එම සැකකරුගෙන් සිදු කල වැඩි දුර ප්‍රශ්ණ කිරීමේදී , එම ප්‍රදේශයේ නිවසක් අසල සඟවා තිබූ තවත් කේරළ ගංජා සහිත පාර්සල් 24ක් සොයාගන්නා සොයාගෙන ඇත.
අනතුරුව සැකකරු සමග කිලෝ 107 ග්‍රෑම් 840ක පමණ වූ පාර්සල් 40ක කේරල ගංජා තොගය නාවික හමුදා භාරයට ගන්නා ලදි.
සැකකරු වයස අවුරුදු 33ක් වන මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවට හඳුනාගන්නා ලද අතර, සැකකරු සහ කේරල ගංජා තොගය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා මරුදන්කේණි පොලිසිය වෙත භාර දිමට කටයුතු කෙරිණි.




2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි තුනක කේරළ ගංජා සමඟ අයෙක් මාට්ටු