IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල පහළට

(හර්ෂණ තුෂාර සිල්වා)

 

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (10) 4.14 % කින් පහළ ගියේය.

 

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය එතරම් අගයකින් පහළ ගියේ වසර 8කට පසුවය.

 

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද ඒකක 221.24කින් පහත වැටුණි.

 

ඊයේ (9) දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,343.15ක් ලෙස සටහන් වූ අතර අද වෙළෙඳපොළ අවසන් වූයේ ඒකක 5,121.91ක් ලෙස ය.

 

ඊට අමතර විඑස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය ද 4.75% කින් එනම් ඒකක 117.86කින් කඩා වැටුණි. කලින් දිනයේ ගනුදෙනු අවසන් වෙද්දි  එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය ඒකක 2,479.61ක් ලෙස දැක්වුණු අතර අද දිනය අවසන් වෙද්දි එය ඒකක 2,361.75ක් සටහන් විය.

 

අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීමත් සමඟ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා මිල දර්ශකය 5% කින් පහළ ගිය ඒ හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීය. කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු 5% කින් පහළ සෑම විටම එලෙස එය ස්වයංක්‍රීයව අක්‍රීය වේ.

 

කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරා කොටස් වෙළෙඳපොළ කඩාවැටීමකට ලක්ව තිබෙන අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද සෘජුව හා වක්‍රාකාරව අහිතකර බලපෑම් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය සතියේදී ප්‍රකාශ කළේය.

 

ගෝලීය බොරතෙල් වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ද පහත වැටී ඇති අතර ගෝලීය ආර්ථික වර්ධනය මේ වසරේදී දරුණු පසුබෑමකට ලක්වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව නිවේදනය කළේය.

 

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මේ වසරේදී ගෝලීය ආර්ථිකයට ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1ත් 2ත් අතර පාඩුවක් සිදුවනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ආර්ථික විද්‍යාඥයෝ ද ඉකුත් දා අනතුරු ඇඟවූහ.



අදහස් (6)

කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල පහළට

Bamunuarachchi Tuesday, 10 March 2020 01:26 PM

දැන් ජෙප්පෝයි, සමගි ජනබලවේග කාරයොයි කියාවි ලෝක ආර්ථිකය කඩා වැටුනේ ඝෝඨාභය නිසයි කියලා...

:       1       0

athuraThursday, 12 March 2020 04:33 AM

පහුගිය කාලේදී බමුණා වගේ පොහොට්ටුවේ අයනම් මහා උජාරුවෙන් කිව්වේ රාජා භවතු ධම්මිකෝ කියලා.

:       0       0

BamunuarachchiThursday, 12 March 2020 06:11 AM

ඒක තාමත් කියනවා. යහපාලකයෝ ඉක්මනට යවා ගන්න තමයි අපිට කොරෝනා දුන්නේ. දැන් අර තුවා මුහුණේ බැඳගන්න වෙනවා.

:       0       0

සමීර Tuesday, 10 March 2020 02:02 PM

වැඩකරන විරුවා කියාගෙන ආවා විතරයි. එදා ඉඳන් රටට දරුණු විපත්... සොබාදහම කම්පාවෙලා. කවදා අහපු දේවල්ද අපේ රටට මේ මාස තුනට වුනේ...

:       1       3

Hudson Tuesday, 10 March 2020 09:14 PM

මේ රටේ ආර්ථිකය බාර දීලා තියන්නේ ටියුෂන් ගුරුවරයෙකුට. ඔයිට වඩා යමක් බලාපොරත්තු වෙන්න පුලුවන්ද?

:       1       1

athura Wednesday, 11 March 2020 08:27 AM

පහුගිය යහපාලන කාලෙ වුණා නම් මෙතන තියන අදහස් ගොඩ බලාගන්න තිබුණා...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 88 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 358 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site