(යොහාන් භාසුර)

අයපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා අත්හිටුවා තිබූ කොළඹ - මහනුවර දුම්රිය ධාවනය ආරම්භ කරමින් අද (21) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රිය හතරක් පිටත් වන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

එහි පළමු දුම්රිය අද පස්වරු 3.35 ට මහනුවර බලා පිටත් වන බවත් ඉන් පසුව පස්වරු 4.35 ට, 5.10 ට සහ 5.45 ට තවත් දුම්රිය තුනක් පිටත් වන බවත් සාමාන්‍ය අධිකාරීවරයා කීය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් හෙට (22) පෙරවරු 7.00, පස්වරු 3.35 ට, 4.35 ට, 5.10 ට සහ 5.45 ට මහනුවර බලා ද, මහනුවර දුම්රිය ස්ථානයෙන් පෙරවරු 4.30 ට, 5.00 ට, 6.15 ට, 6.20 ට සහ පස්වරු 3.00 ට කොළඹ කොටුව බලා ද, දුම්රිය පහ බැගින් ධාවන වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.