( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක සංචාරකයින් පැමිණීම වළක්වමින් කටාර් රාජ්‍යය විසින් මාස තුනකට වැඩි කාලයක් පනවා තිබූ සංචාරක තහනම හෙට (06) සිට ලිහිල් කිරීමට එරට රජය තීරණය කර ඇත.
ඒ අනුව කටාරයේ මහජන සෞඛය අමාත්‍යාංශය විසින් පිළිගත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ශ්‍රී ලංකාව ඇතුළු එම රටවල සිට පැමිණෙන අවුරුදු 12ට වැඩි පුද්ගලයින් දි දෙකක හෝටල් නිරෝධායනකට ලක් කිරීමට කටාර් රජය තීරණය කර ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
එන්නත ලබා නොගත් වයස අවුරුදු 11 ට අඩු දරුවන් , ඔවුන්ගේ දෙමව්පියන්ගෙන් එක් අයෙකු හෝ පවුලේ සාමාජිකයින් සමග ද දින දෙකක් හෝටල් නිරෝධායනයට යොමු කෙරෙන බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කර සිටී.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉන්දියාව , ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නිහිපයකම සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් ඉකුත් ජුනි මාසයේ සිට එම රටවල සිට පැමිණෙන අයට සංචාරක තහනමක් පනවා තිබුණි.
එසේම කටාර් බලධාරීන් විසින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළ රටවල් කොවිඩ් අවදානම් රටවල් ලෙස නම් කර තිබුණි.
මේ හේතුවෙන් මෙරට සිට කටාරයේ රැකියා සදහා යන ශ්‍රමිකයින්ද දැඩි අසීරුතාවයකට පත්ව සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.