
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මතුගම යටදොල වත්ත රන්දිල වත්ත ප්‍රදේශයේ ඉඳිකරමින් පවතින දෙමහල් නිවසක සඟවා තිබූ රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනා හොරයින් මත් කුඩු ,අයිස් මත්ද්‍රව්‍ය හා රිවෝල්වරය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
හොරයින් මත්කුඩු කිලෝ එකයි ග්‍රෑම් 55 ,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක්,රිවෝල්වරයක් සහ විද්‍යුත් තරාදියක් සිය බාරයට ගත් බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යය බලකාය විශේෂ මෙහෙයුම් තුන්වන කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් මෙම මෙහෙයුම සිදුකර ඇත
මත්ද්‍රව්‍ය සහ රිවෝල්වරය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd