
(සුමිත් ප්‍රේමතිලක,සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශ රටක සැඟව සිටිමින් මත්කුඩු ජාවාරම මෙහෙයවන වූ බව කියන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවකු වන "පානදුර සළිදු" නැමැත්තාගේ ගෝලයකු රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සහ මත්කරල් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි.
පානදුර මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරක් මත පානදුර වලපල ප්‍රදේශයේ රැකසිටි පොලිස් කොස්තාපල්වරයකු ත්‍රීරෝද රථය පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු පැකට් 3600 ක් , මත්කරල් 210 ක් සහ විද්‍යුත් තරාදියක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, සෙසු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා තොග වශයෙන් බෙදාහැරීමට යමින් සිටි බවයි .
COMMENTS