
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම තාල්පාඩු මුහුදු වෙරළෙහි සඟවන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 48 ක් අද (28) සොයාගත් බවට මන්නාරම යුද හමුදාව පවසයි.
මන්නාරම 54 වන සේනාංකයට අයත් යුදහමුදා මුර සේවයේ යෙදී සිටි සෙබළුන් පිරිසකට ධීවර යාත්‍රාවකින් පැමිණි පිරිසක් විසින් කේරළ ගංජා තොගය මුහුදේ සිට රැගෙනවිත් තාල්පාඩු මුහුදු වෙරළේ සඟවා පලා යන අයුරු නිරීක්ෂණය වී ඇත.
අනතුරුව යුද හමුදා සෙබළු අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී උර තුළ බහාලූ කේරළ ගංජා කිලෝ 48ක තොගය හමු වී ඇති අතර ඉන්දියාවේ සිට මුහුදු මගින් රැගෙනවිත් මෙම ස්ථානයේ සඟවන්නට ඇති බවට යුද හමුදාව සැක පළ කර සිටියි.
හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම් පොලීසියට බාර දීමට යුදහමුදාව විසින් පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd