(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි (27) හැවිරිදි තරුණයකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශනය  මගින් අත්අඩංගුවට ගෙන ඇත .

සැකකරු සන්තකයේ හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 70 ට අධික ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් තුන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි .

කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම මෝටර් රථය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත එය නවතා පරික්ෂා කිරීමේදී මෙම හෙරොයින් තොගය සොයාගෙන තිබිණි.