IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝටියකට අධික මත්කුඩු සමග දෙදෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රුපියල් එක්කෝටි දස ලක්ෂයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු සහ කේරල ගංජා සමග පුද්ගලයන් දෙදෙනෙකු අද(22) කැලණියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා ඇල්පිටිය හා කැලණිය පදිංචි 26 සහ 27 හැවිරිදි අය වෙති.

එම පුද්ගලයන් දෙදෙනා සමග හෙරොයින් මත්කුඩු කිලෝ එකකට අධික ප්‍රමාණයක් සහ කේරළ ගංජා කිලෝ 4ක් පොලිසිය බාරයට ගෙන ඇත.

මෙම සැකකරුවන් කොළඹ සහ කැලණිය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයකුට අයත් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇතැයි අනාවරණය වී තිබේ. 

පොලිස් විශේෂ කාර්ය බලකා රාජගිරිය බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය විහාරස්ථානය ඉදිරිපට මාර්ගයේ කේරල ගංජා කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී හෙළි වූ කරුණු අනුව අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. දෙවන සැකකරු කැලණිය මෛත්‍රී මාවතේ නිවසේදී සිට, වැටලීම කර ඇති අවස්ථාවේදී මත්ද්‍රව්‍ය අඩංගු බෑගය ගෙන තාප්පයෙන් පැනයාමට තැත් කළ අතර, දැඩි පරිශ්‍රමයක් දරා ඔහු අල්ලාගෙන තිබිණි.



අදහස් (1)

කෝටියකට අධික මත්කුඩු සමග දෙදෙනෙකු අත්අඩංගුවට

Kumar Tuesday, 22 October 2019 05:25 PM

සැමදාම මත්කුඩු එකතු කරන ගැන අහන්න ලැබෙනවා. ඒ මත්කුඩු විනාශ වගක් ඇහෙන්නෙනැ . මේ වෙනවිට මත්කුඩු ටොන් කිහිපයක් එකතු කරන්න ඇති නේද.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site