
(නිමන්ති රණසිංහ)
පාතාල සාමාජිකයකු වූ අංගොඩ ලොක්කාගේ ගෝලයකු නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයකින් අද 26 අලුයම මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී ඝාතනය කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ මිලින්ද නැමැති 34 හැවිරිදි පුද්ගලයකු බව මුල්ලේරියාව පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් මරණකරුගේ මස්සිනා ද තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද වාර්තා වේ.
මරණකරු, පාතාල ක්‍රියාකාරිකයකු වූ අංගොඩ ලොක්කා ගේ ප්‍රධාන ගෝලයකු ලෙස සැලකෙන අතර මේ වන විට විදෙස් ගතව සිටින "ඉතාලි චමින්ද' නමැත්තාගේ සමීපතමයකු බවට ද තොරතුරු අනාවරණය වන බව පොලීසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණ ඇති ඝාතකයන් අද 26 අලුයම 3ට පමණ මුල්ලේරියාව දෙල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක් අසල යතුරු පැදිය නවතා ඒ අසල පිහිටි මරණකරුගේ නිවසට ගොස් දොරට තට්ටු කර නිවැසියන් අවදි කිරීමෙන් පසු මෙම වෙඩි තැබීම සිදු කළ බවට මේ වන විට කරුණු හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනව නේද, පෙර පව් පලදෙන හැටි. මේ ලැබූ මිනිස් ආත්මය තුල කුරා කූබියෙකුට වත් අහිතක් කරන්න එපා. අනුන්ගේ දේවල් වංචනිකව තමා සන්තක කර ගැනීම, අනිසි ව්‍යාපාර වල දෙයෙමින් මුදල් හම්බ කිරීම, සංවිධානාත්මකව වංචා දූෂණ මිනී මරපු කාටත් කවදා හෝ මෙවැනි ඉරනම් වලට මුහුණ පෑමට සිදුවෙනවාමයි.
මේකද පාතාලය මර්දනය කරපු හැටි? කෝ අපේ මේජර් ලේකම්...?
හේතුව මොකක්ද මරන්න. අහිංසක මිනිහෙක් මෙයා...