
(ඉන්දිකා රාමනායක)
කටාන මිරිස්වත්ත දෙමන්හංදිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ තිබී ගිනි අවි, පිස්තෝල සහ උණ්ඩ රැසක් අද (11) විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.
එහි තිබී, බෝර 12 ගිනි අවි 6ක්, මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල දෙකක් සහ විවිධ වර්ගයේ උණ්ඩ 1600 ට ආසන්න ප්‍රමාණයක් හමු වී ඇත.
ගුවන් හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරක් අනුව විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ව්‍යාපාරිකයාගේ නිවස පරීක්ෂා කිරීමේ දී එහි තිබී මෙම ගිනි අවි සහ උණ්ඩ සොයාගෙන තිබේ.
මෙම නිවසේ තිබී විශේෂ කාර්ය බළකායට අයත් කැලෑ නිළ ඇඳුමකට සමාන ඇඳුමක් ද තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ම නාටකේ මේක තමයි. වීරසේකර උන්නැහේ ගෙනාපු ආරක්ෂක කමිටු ඕනේ කියලා ඔප්පු කරගන්න.
300 ක් මරලා දාලා ගත්ත ආණ්ඩුව රැකගන්න ඔහොම පොඩි සංදර්ශන තව ගොඩක්දායි ඉස්සරහට...
කවුද කෝටිපති ව්‍යාපාරිකයා..?