IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කටුනායක ගුවන්තොටේ මෙහෙයුම් ඩිජිටල්කරණයට

( තිළිණි ද සිල්වා )

කටුනායක ගුවන් මගී මෙහෙයුම් ඩිජිටල්කරණයට ලක් කරමින් ගුවන් යානා නැවැත්වීමේ  හැකියාව දෙගුණයක් කරන  බව  ගුවන් සේවා හා ආයෝජන කලාප රාජ්‍ය  අමාත්‍ය  ඩී.වී.චානක මහතා අද (07) පැවසීය.

ඒ අනුව මගීන් පරීක්ෂාව සදහා ස්පර්ෂ රහිත කියෝස්ක් තාක්ෂණය , ,ස්වයං ගමන් මලු‍ සලකුණු කිරීම් , නව ජංගම බෝඩිං බලපත්රීයක් ,  මුහුණු හදුනා ගැනීමේ සත්යාාපනය, කෘතිම බුද්ධිය මගී පහසුවට මුසු කිරීම , ගුවන් යානා නැවැත්වීමේ හැකියාව 26 සිට 49 දක්වා ඉහලට නැංවූ බව ද රාජ්‍ය  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 ආගමන විගමන දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ පද්ධතිය සමග මගීන් ගේ ඇතුලත් වීමේ තොරතුරු ඒකාබද්ධ කරන බවත් ඒ තුලින් කඩදාසි රහිත ස්පර්ෂ රහිත අපහසුතාවයකින් තොර ස්වයං සේවා ගුවන් ගමනක් ලබාදීම මෙම වැඩපිළිවෙලේ අපේක්ෂාව බවද ඩී.වී.චානක අමාත්‍යවරයා කීවේය.

දියුණු ගුවන්තොටුපලක ඇති නවීන තාක්ෂණය මුසු වූ සියළු ක්‍රියාකාරකම් කටුනායක ගුවන්තොටුපල තුලද ස්ථාපිත  කිරීම හරහා සෑම ගුවන් මගියෙකුටම ඉතාමත් පහසුවෙන් හා වඩාත් කාර්යක්ෂමව තම සේවාවන් ඉටුකර ගත හැකි බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතාගේ සහය මත ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවද රාජ්‍ය  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නව වැඩසටහනට අනුව ස්වයංක්‍රීකරණය භාවිතය ඉහල දැමීම හරහා   ගුවන් මගීහූ නිලධාරීන් අතින් හැසිරවීම අවම වීමත් , සියළු ගුවන් මගීන්ට තම කාර්යයන් විනිවිද භාවයෙන් යුතුව කාර්යක්ෂමව සිදු කරගැනීමට මේ අනුව හැකි වේ.

මීට සමගාමීව ඉදිවන  නව ගුවන්යානා නැවැත්වීමේ අංගනය ඉදිකිරීම්ද අවසන් අදියරේ පවතින අතර  එය ලබන මස අවසානයට පෙර අවසන් කිරීමට නියමිත බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (1)

කටුනායක ගුවන්තොටේ මෙහෙයුම් ඩිජිටල්කරණයට

supun Thursday, 07 October 2021 03:53 PM

ලොකු දෙයක්.. පැය ගනන් පෝලිම් වල ලගින්න වෙන එක නැති වෙන එක නම් සෑහෙන්න වටිනව.නැත්තන් ලංකාව එපා වෙලා යන එකා ඔතන කට්ටකාල ගියාම මතක් වෙනකොට ආපහු ලංකාවට එන්න හිතෙන්නෙ නෑ..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site