(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ ක්‍රියාත්මක කරමින් තිබූ ආරක්ෂක වැඩපිළිවෙළෙහි පියවර කිහිපයක් අද සිට ලිහිල් කර ඇති බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.
ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිටත්වීම සහ පැමිණීම වෙනුවෙන් පැමිණෙන එක් ගුවන් මගියෙකුට තමන් සමඟ අමුත්තන් දෙදෙනෙකුට, ගුවන් තොටුපළ පිටත්වීමේ හෝ පැමිණීමේ පර්යන්තවල ඇති ආලින්ද (ලොබි) වෙත පිවිසීමට අවසර ලබා දී තිබේ.
මීට පෙර ආරක්ෂක හේතූන් මත ගුවන් මගීන්ට හැර, වෙනත් කිසිවෙකුට ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළ පිහිටි ආලින්ද වෙත ඇතුළුවීම අත් හිටුවා තිබුණි.
ගුවන් තොටුපළ තුළ පිහිටි පිටත්වීමේ දොරටුව ද අද (10) දින දහවල් 12.00 සිට යළිත් විවෘත කර ඇති බවද ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් සදහන් කළේය.
රටේ සහ විශේෂයෙන්ම ගුවන් තොටුපළ පිළිබඳව ආරක්ෂක අංශය සිදු කළ සමාලෝචනයන්, විශ්ලේෂණයන් සහ නීරීක්ෂණය මෙම තීරණ ගැනීම සදහා ඉවහල් වී තිබේ.
මෙම ආරක්ෂක ගැටළු ඇති වීමට පෙර ගුවන් මගීන් වෙනුවෙන් පිටත්වීමේ සහ පැමිණීමේ ආලින්දයන් වෙත සීමාකිරීමකින් තොරව, ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන අමුත්තන්ට පිවිසීමට හැකියාව තිබුණි.

2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව ලිහිල් කෙරේ
trex Tuesday, 11 June 2019 08:27 AM
ඒක හොඳට ලෝකෙටම ඇහෙන්න කියන්න වටිනා පුවතක්. හිනාම තමයි.