කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ පිහිනුම් තටාකය සිසු අයිතියට පත්කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) සිදුකෙරිණ.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ අධ්‍යාපන කලාපයේ පාසලක මෙතෙක් ඉදිවූ අංග සම්පුර්ණ පිහිනුම් තටාකය වන මෙය මංතීරු අටකින් සමන්විත මීටර 50ක දිගින් හා මීටර 25ක පළලින් යුතුය.
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමක් පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ රුපියල් කෝටි 10 ක ප්‍රතිපාදන මගින් මෙම පිහිනුම් තටාකය ඉදි කර ඇත.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති යු.ඩී.ජී ආරියරත්න යන මහත්වරු සුභ මොහතින් පීත්ත පටිය කපා පිහිනුම් තටාකය සිසු අයිතියට පත් කළ අතර පාසලේ පිහිනුම් කණ්ඩායම ජල ක්‍රීඩා සරඹ සංදර්ශනයක් ද මෙහිදී පවත්වන ලදී.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනගේ මුදල් වියදම් කර කරන මේවගේ දේවල් විවෘත කරන්නට මෙතරම් වියදමක් දරමින් සංදර්ශනයක් පවත්වන්නේ මොනවටද? වැඩේට ගිය වියදම වගේම ගානක් විවෘත කිරීමේ උත්සවයටත් යන්න ඇති. ඇයි මේ අපරාද ගැන කවුරුවත් කතා නොකරන්නේ?
'පිරිච්ච පිහිනුම් තටාකෙට පොඩි කාලෙකින් වතුර පිරෙවුව වගේ' කියල අලුත් උපමාවක් යොදන්න පුළුවන් අද ඉඳන්.
වරදවා හිතන්න එපා. මම මෙය දකින්නේ වෙනත් ආකාරයකට. විවෘත කිරීම් සාමාන්‍ය ජනතාවගේ අයිතියක්. නමුත් එයට වියදම් කරන එක බොහෝ සිමා සහිතව කල යුතයි. රජයේ මුදල් භාවිතා කිරීම නොකළ යුතුයි. අපි අලුත් ගෙයකට පදිංචියට යන විට කිරි උතුරුවනවා දන්නා කියන අයට ආරාධනය කරනවා. ඒක අපේ සම්ප්‍රදාය. මෙයත් ඒවගේ දෙයක් හැටියට අපි හිතන්න ඕනේ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය නම් මෙවන් දෙයක් කොළඹ දිස්ත්‍රික්කයට පමණක් සීමා නොකර හැම දිස්ත්‍රික්කයකටම රජය මුලිකත්වය ගෙන අඩුම ගනෙනේ එකක් දෙකක් හරි ලබා දෙන එක. සැමටම එක සමානව සැලකීම. නමුත් නොවෙනා දෙයත් එයමයි.
ටැබ් දීමත් කොළබට කිරි ගමට කැකිරි. නමුත් මේවා හොඳ වැඩ. සංදර්ශනයක් පවත්වන්නේ එජාප කල වැඩ මොනවද කියලා අහපුවම මතක තියාගෙන කියන්න.
මහජනයාගේ මුදල් වියදම් කර අනාගත දරුවන් වෙනුවෙන් කල මෙම ක්‍රියාව පළමුව අගය කරන්න. දෙවනුව එහි විවෘත කිරීමේ හෝ වියදම් කිරීමේ අඩුපාඩුවක් ඇත්නම් විවේචනය කරන්න. වෙවේචනය කිරීමටම පමණක් උපන් ජාතියක් නොවී හොඳ දෙයක් අගය කිරිමටත් පුරුදු විය යුතුඑ.
මෙතන වියදම් කරපු මුදල් ප්‍රමාණය බොහොම අවමයි කියායි මට හිතෙන්නේ. බෙරකාරයෝ දෙන්නයි, නැටුම් කාරයෝ දෙන්නයි. අනිත් දේවල් ඔක්කොම කරන්නේ පාසලේ ළමයි. ඉතින් කොහොමද? ඔයගොල්ලෝ කියන්නේ මේකට ගොඩාක් වියදම් වුනේ කියලා. එහෙනම් එම්. ආර්. ගේ කාලේ හම්බන්තොට වරායට කෝටි 20ක් බිලක් දුන්නේ ජැක්සන් කියන කලා කාරයා... ඒවාට ඇයි ඕගොල්ලෝ කට ඇරියේ නැත්තේ...
ජයන්ත යනු ටොයියෙක් බව පෙනේ. නිකන් බයිලා කියන්නේ නැතුව යන්න..