(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකුද වන කංජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ තිබී අද(06) තවත් ජංගම දුරකතන සිම්පතක් සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බන්ධනාගාරයේ අරක්ෂාවට යොදවා සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදි මෙය සොයා ගෙන ඇත.
මේ මාසයේ පළමුවන දිනයේද කන්ජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ සඟවා තිබු ජංගම දුරකතනයක් සහ සිම්පතක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් සොයා ගෙන තිබිණි.
COMMENTS
මෙය තවමත් නිමක් නොමැති දිගටම ඇදෙනා ප්‍රශ්නයක් නොවේද? බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකුගේ සිර කුටියට ආරක්ෂාවක් දමා තිබියදී මේ සිම්පත් ලැබෙන්නේ කෙසේද? මෙය නම්, ඇදහිය නොහැක්කකි. ඒත් ඇත්තකි. මේ අපරාධකරුවාට මෙසේ හයියක් මේ සිර කුටිය තුළ ලැබෙන්නේ කෙසේද? මෙය ආරක්ෂක අංශවල සැවොම තමාගෙන්ම අසාගත යුතු ප්‍රශ්නයකි. අධිකරණ නියෝගයක් ගෙන මොහුගෙන් රහස් පොලිසිය ලවා දීර්ඝ ලෙස ප්‍රශ්න කරවිය යුතුයි නේද? මේවා නිතර නිතර රටට සන්නිවේදනය වීම නිසා ආරක්ෂක අංශ කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ වැටෙනවා නොවෙයිද? එසේ හෙයින් මේ අපරාධකරුට වැඩ දැමීමට ඉඩ නොදී ඔහු අධිකරණයට ඉදිරිපත් කොට රඳවා තබාගෙන දැඩි ලෙස ප්‍රශ්න කළ යුතු වේ. එය රටේ නීතියෙත්, ආරක්ෂක අංශ වල හා රටේ ජනතාවගේත්, යහපත පිණිස වන්නේය...
සිම් කාඩ් ලියාපදිංචි කර ඇති නිසා මේ පිළිබඳ නිවැරදි පරීක්ෂණයක් කළොත් සිරමැදිරියට මේවා එන්නේ කොහොමද කියලා හොයාගන්න පුළුවන්..
අනේ සර්, මෙයාවත් ආයුධ හොයන්න එක්ක යන්නකෝ...
කන්ජිපානි සිම්කාඩ් මුද්‍රණ මැෂින් එකක් තියාගෙනද ඉන්නේ..?
මෙයාගේ ඇඟ ඇතුලේ කාන්දම් තියෙනවද? හැමදාම සිම් අහුවෙන්න. එහෙම නැතිනම් කුරුල්ලෙක් හරි, මීයෙක් හරි ගෙනත් දානවා ඇති...