IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහර දී තුවාල ලබා රෝහ⁣ලේ

(නිමල කොඩිතුවක්කු)

බන්ධනාගාර ගත කර සිටින ප‍්‍රබල පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්ත ප‍්‍රදේශයේදීි අද(17) රාත‍්‍රියේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන්  බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මෙම තැනැත්තා පාගමනින් ගමන් කරමින් සිටියදී ඔහු අසලට පැමිණි ත‍්‍රීරෝද රථයක් නවතා ඉන් තිදෙනෙකු බැස මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පහර දීමෙන් අනතුරුව සැකකරුවන් පලා යන අවස්ථාවේදී එක් සැකකරුවෙකු කඩුවක් සමඟ අත්අඩංගුවට ගැනීමට එම ප‍්‍රදේශයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙකු සමත් වී ඇති බවද පොලීසිය පැවැසීය.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ  කංජිපානි ඉම්රාන්ගේ පියා මොහොමඞ් ඊබ‍්‍රහිම් මොහොමඞ් නජිත් නැමැති හැටපස් හැවිරිදි වියෙහි පසුවන්නෙකි.

මේ පිලිබද වැඩිදුර විමර්ශන මාලිගාවත්ත පොලීසිය මගින් සිදුකරනු ලබයි.



අදහස් (3)

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහර දී තුවාල ලබා රෝහ⁣ලේ

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 06:59 PM

කංජිපානි පුතානෝ ... කුඩු ලෝකේ රජානෝ ... ගුටි බැට කා පියාණෝ ... රෝහල වෙත ගියානෝ ...

:       0       26

Bamunuarachchi Thursday, 18 June 2020 06:53 AM

දැන් ගොබ්බයින් ටික කියාවි රටේ ජාතික ආරක්ෂාවට කෙළවෙලා කියලා. ඒ ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරාවි...

:       56       118

BamunuarachchiThursday, 18 June 2020 03:45 PM

කන්ජිපානී මීට අවුරුදු ගණනකට පෙර කරන ලද මෙවන් පහර දීමකට පලි ගැනීමයි මේ. වැඩේ බාර ගත්තවුන් වැඩේ හරියට නොකළ බවයි පේන්නේ. එකිනෙකා කා කොටා ගැනීමෙන් රටට යහපතක් වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site