
(ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ සිරකරුවකු වන 'කංජිපානි ඉම්රාන්' නැමැත්තාගේ සිරකුටිය අසළට ගොස් වැඳීමේ සිද්ධියට සම්බන්ධ නියාමකවරයා වවුනියාව බන්ධනාගාරය වෙත මාරු කර යවා දැනට සති කිහිපයක් වන නමුත්, මේ දක්වා අදාළ සේවා ස්ථානය වෙත රපෝර්තු කර නැතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
එම බන්ධනාගාර නියාමකවරයා මේ වනවිට දිගින් දිගටම අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බවද පැවසේ.
මේ පිළිබඳව ලැබී ඇති වීඩියෝවකට අනුව, ආරක්ෂක ලේකම්වරයා විසින් පසුගියදා කොළඹ පැවති උත්සවයකදී ද අදාළ සිද්ධිය අනාවරණය කර තිබිණි.
දැනට මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර මූලස්ථානය පවසයි.
මේ අතර, මත්ද්‍රව්‍ය චෝදනා මත බූස්ස බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වී සිටින 'වෙලේ සුදා' නැමැත්තාගෙන් මංගල උත්සවයක් සඳහා විස්කි බෝතල් 100ක් ලබාගත් බවට චෝදනා ලබා සිටින ජේලර්වරයා පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇතැයිද වාර්තා වේ.
COMMENTS
මේ වගේ තුප්පහි නියාමකයන්ගේ නිවට වැඩ නිසා තමයි සමහර සිරකරුවෝ මෙතරම් සෙල්ලම් දාන්නේ..
වැරැදි කරපුවාම අනිත් රටවල දෙන්නේ දඬුවම්... ඒකට ලංකාවේ දෙන්නේ මාරුවීම්...
කංජිපානිට වැන්දා නම්, දැන් ගෙදරට වෙලා ඉන්න තමයි වෙන්නේ...
වැඩිහිටියෙක්ට වැන්දා කියලා ගෙදර යවන්න බැහැ.. මෙකෙ කිසිම වැරැද්දක් මට නම් පේන්නේ නැහැ. බන්ධනාගාර පනතේ කොහේවත් තියේද වඳින්න බැහැ කියලා. මේවගේ සුළු දේවල් වලට කාලය නාස්ති නොකර මහාපරිමාණ ජාවාරම් නතර කරන්න උත්සාහයක් ගත්තා නම් හොඳයි නේද?