(ඩී.ජී.සුගතපාල)
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකු වන කංජිපානි ඉම්රාන් නමැති සිරකරුට කෑම බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් දිමට තැත්කිරිම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවන් හය දෙනා ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙළ මහතා අද (16) නියෝග කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක් අයකුට රුපියල් 20,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
ඇපකරුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථිර පදිංචිකරුවකු වියයුතු බවටද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ කංජිපානි ඉම්රාන්ගේ පියාවන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම්(65) මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස් (28) මොහොමඩ් කුකුබ්දින් මොහොමඩ් වසිම්දීන් (28) මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස් (23) මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින් (28) මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනෙකි.
සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥවරුන් කරුණ දක්වමින් කියා සිටියේ සැකකරුවන් දින 35 ක් රික්ෂිත බන්ධනාගරගතව සිටි අතර අයුතු ඇතුළුවිම සහ නීති විරෝධි ජන රාශියක සාමාජිකයින් විමක් සිදුව නොමැති අතර බන්ධනාගාරයට දුරකතන දෙකක් ගෙනයාම සම්බන්ධයෙන් බන්ධනාගාර පනත යටතේ කරුණු ගොනු කළ යුතු බවයි.
සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට මෙසේ ඇප නියම කළේය.
නඩුවේ වැඩිදුර විභාගය ජනවාරි 8 වැනිදා දක්වා කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි පොඩ්ඩක් විතර කහිනවා වගේ. හරි චෝදනා පත්‍රය ගොණු කළොත් ගරු අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වෙයි. වංගු ගැහැව්වොත් විශ්වාසය බිඳ වැටෙයි. අපි බලාගෙන ඉන්නේ.
කංජිපානිගේ ඇප ගත්තේ ජනාධිපති අපේක්ෂයෙකුගේ සහයෙන් බව ආරංචියි.