(නිමන්ති රණසිංහ)
කොළඹ කොච්චිකඩේ මරාගෙන මැරෙන බෝම්බකරු වූ අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තාගේ සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරිය රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්නකිරීම් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(09) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ සඳහන් කළේය.
ඒ අනුව මෙලෙස රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ඇත්තේ මට්ටක්කුලියේ පදිංචි අලව්දීන් අහමඩ් මුස්ඩික්, අලව්දීන් අහමඩ් මුස්තාෆ් සහ ෆාතිමා සුමේයා අලව්දීන් යන අයය.
මෙම සැකකරුවන් අධිකරණ නිරීක්ෂණය සඳහා ලබන 23වනදා ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd