(ආරියරත්න රණබාහු)
පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානය දින පනහකට අඩු කාලයක් තුළ නාවික හමුදාවේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව සිද්ධස්ථානය නැවත අභිෂේක කිරීමේ දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්විණි.
පාස්කු ඉරුදින සිදුවූ එම ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කතානායක කරු ජයසූරිය, ක්‍රිස්තියානි කටයුතු බාර අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලි බල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට පැමිණ සිටියහ.
කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයන් පැවැති අතර මිසම පාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පියතුමන්ලා විශාල පිරිසක්ද ඊට එක්ව සිටියහ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝකටත් කියලා මැති ඇමතිලා ගෙන්නන එක හොදයි. මේ අය එන්නේ ආරක්ෂාවක් තියෙනවානම් විතරයිනේ. මේ වෙච්ච විනාශය කිසි කලෙක අමතක නොවේ. අතීශය පහත් දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිස් ජීවිත බිලි දීමට තරම් මෙරටේ දේශපාලකයින් මිලේජ්ච වේ යයි අප කිසිවිටෙක සිතුවේ නැත. මියගිය සියලු ආත්මයෝ නිවි සැනසීම ලබත්වා...!!!
නැවත මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි.
නැවත මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. නමුත් අකාර්යක්ෂම පාලනය මෙහෙයවූ පාලනය අවුල් වෙන ලෙස අත් එසවූ පනත් සම්මත කල අය බලයෙන් පන්නා දැමීමට අත්පා අහිමි වුන මියගිය සියලුම දෙනා වෙනුවෙන් අපි අප කැප වෙමු
දැන් කට්ටියට බෝම්බ ප්‍රහාරය හෝ ඊට වගකිවයුතු අන්තවාදීන් අමතක වෙලා. දැන් මතක තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරණය.
ප්‍රතිසංස්කරණය කරපු නාවික හමුදාවේ අයත් සම්බන්ධ කරගන්න තිබුනේ එයාලට කරන ගෞරවයක් හැටියට .
මොහාන් , ඔබේ අදහස ට මම ගෞරවයෙන් එකග වෙනවා . නාවික හමුදාවේ සොහොයුරන් ගේ නොනිමි කැපවීම සහ වටිනා ශ්‍රමය නිසා තමයි මේ තරම් ඉක්මනින් දෙව් මැදුර යතාතරම් දර්ශනියව තත්වයට පත් කරගන්න හැකි වුනේ . අර ඇමතියන් ගෙන්වපු එකත් කිව්වත් වගේ හොදයි මොකද එවුන්ගේ ආරක්ෂාවෙන් අහිංසක බැතිමතුන්ටත් ආරක්ෂාව ඉබේම ලැබුනා නේ .එහෙම වත් වැඩක් වෙන්න ... සමිදුන් තුරුලට ගිය සියලු දෙනා සහ තුවාල ලබා දිවි රැකුන සියලු දෙනා වෙනුවෙන් අපේ යැදුම් සමිදුන්ට පිදෙනවා .