(සමන් විජය බණ්ඩාර)
කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී කාන්තාවක සැමියාගේ පිහිපහරට ලක්වීමෙන් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ සිද්ධිය වු දිනයේ කෑගල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඇතුළු වන දොරටුවේ පුද්ගලයන් පරීක්ෂාවට යොදවා ඇති පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාය. අධිකරණයට ඇතුළු වන අය නිසි ලෙස පරීක්ෂාවට ලක් කර නැති බව පරීක්ෂණවලින් සනාථ වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ඊයේ(17) වූ මෙම පිහි ඇනුමින් මිය ගියේ මීදුම, යටගම, රඹුක්කන පදිංචි කරඳන පේඩිගේ ගයානි ප‍්‍රියංගිකා නමැති 36 හැවිරිදි කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd