(ලසන්ත නිරෝෂණ පෙරේරා )

අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය නිසා  කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 200 ක් අවතැන් වී පුද්ගල මරණ දෙකක් වාර්තා වන බව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය .

කෑගල්ල සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී    පස් කදු කඩා වැටිම් කිපයක් වාර්තා වි ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය .     

ඊයේ රාත්‍රි ඇතිවු මහා වර්ෂාවෙන්  ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගස්දෙණිය ෆෙයාර්ෆීල්ඩ් ප්‍රදේශයේ අවුරුදු 48 ක පුද්ගලයෙක් කුඩාඔයේ ජල පහරක ගසාගෙන යාමෙන් මරණයට පත්ව ඇති අතර කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්දෙණිය ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී අවුරුදු 72 ක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එමෙන්ම ‍ඉදිරියේ දී ඇතිවන ආපදා තත්තවයන් සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රජාව පෙර සූදානමින් සිටීම මේ මොහොතේ අතිශය වැදගත් වන බව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය .                          

කෑගල්ල හැලමඩ කුඩාඔය පිටාර ගැලිම නිසා පවුල් 30 ක් අවතැන්ව සිටි. එහි ගංවතුර තත්ත්වය අද (16) පස්වරුවේදිත් දක්නට තිබුණි

දිස්ත්‍රික් ලේකම්වරයා ආපදා සිදු වු  ප්‍රදේශ කිපයක් නිරික්ෂණය කරන ලදි.