IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාක දූපතේ වෙරළ උද්‍යානයට බුදු මැදුරක්

(නිමල කොඩිතුවක්කු)


ගෝලීය ශ්‍රී ලාංකික තරුණ බලකායේ මූලිකත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේ ඉදි කරන ලද බුදු මැඳුරක් නිරාවරණය කෙරිණි.
 
දිවුල්වැව අරියදේව හිමියන්ගේ අනුශාසකත්වය පරිදි මහර බන්ධනාගාර අධිකාරියේ ජගත් චන්දන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කරන ලදී.
 
හිටපු සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුළු සිවිල් ආරක්ෂක බළකාය විසින් බළකාය විසින් මව්බිම වෙනුවෙන් ඉටුකරන ලද සේවය අගය කරමින් මෙම බුදු මැදුර පරිත්‍යාග කළ බව ගෝලීය ලාංකික තරුණ බලකායේ බළකායේ සභාපති නුවන් දඹගේ මහතා පැවසීය.
 
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වන රවීන්ද්‍ර ලේකම්වසම්, ලක්මාල් හිරාන් පවිත්‍ර සේනානායක ඇතුළු පිරිසක් මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත.
 
ගෝලීය ලාංකික තරුණ සංවිධානය මෙයට පෙරද මෙරට සමාජ සුබසාධන ව්‍යාපෘති රැසකට අනුග්‍රහය දක්වා ඇත.
 

 



අදහස් (0)

කාක දූපතේ වෙරළ උද්‍යානයට බුදු මැදුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 745 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site