ඩී.ජී.සුගතපාල
ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියකුට කුකුළු මස් කැබැල්ලක සඟවා හෙරොයින් දිමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම සැකකාර කාන්තාව ඌරගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය බන්ධනාගාරයේ සිටින තම හිතවතෙකුට දිම සඳහා ගෙනෙන ලද ආහාර පාර්සලය පරික්ෂා කිරිමේදි එහි කුකුළු මස් කැබැල්ලක සූක්ෂම ලෙස සඟවා තිබු හෙරොයින් මිලි ග්‍රෑම් 1110ක් සොයා ගෙන තිබේ.
පසුව වැඩිදුර පරික්ෂණ සඳහා සැකකාරිය ගාල්ල පොලිසිය වෙත බාරදි ඇති අතර අද (11) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පස්සේ ගාල්ල බන්ධනාගාරයේ කෑම වට්ටෝරුවට "චිකන් බුරියානි" ඇතුලත් කළොත් ඔය හෙරොයින් ප්‍රශ්නය නිකම්ම විසඳෙනවා..!
[මෙම සැකකාර කාන්තාව ඌරගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය බන්ධනාගාරයේ සිටින තම හිතවතෙකුට දිම සඳහා ගෙනෙන ලද ආහාර පාර්සලය.....] බන්ධනාගාර වල සිටින රැඳවියන්ට පිටින් කෑම ගෙනීම නැවත්වීමට බැරිද? ඒ කියන්නේ ඇතුලේ පිළියෙළ කරන ආහාර රැඳවියන්ට සප්පායම් වීමට හොඳ තත්වයේ නොතිබෙන නිසාද? මේ ක්‍රමය බන්ධනාගාර නීති පොත්වල ඇතුළත් කර තිබේද? පිටින් ගෙනෙන කෑම පරීක්ෂා කිරීමට නිලධාරීන්ට කොතරම් වෙලාවක් ගතවේද? එම ආහාරවල වසවිස ඇතුලත් වෙයිද කියා ඔවුන්ට දැනගැනීමට ක්‍රමයක් තිබේද? මම අහන ප්‍රශ්න පත්තරයට පිළිතුරු දෙන්න බන්ධනාගාර නිලධාරීන්ට පුලුවන්ද?