(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

කුකුළු ගොවිපොළවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සිය කර්මාන්තය කරගෙන යාම ඉතා දුෂ්කරවී ඇතැයි ගාල්ලේ කුකුළු ගොවිපොළ හිමිකරුවෝ පවසති. එමෙන්ම කුකුළු පැටව් ලබාගැනීම ද ගැටළුවක් වී ඇතැයි ඔවුහු කියා සිටිති.

සෝයා,බඩ ඉරිඟු,සහල් නිවුඩු, මාළු කුඩු,විටමින් සහ අනෙක් ද්‍රව්‍ය වල මිල 100% ටත් වඩා වැඩියෙන් ඉහල ගොස් ඇතැයි කියති.

සෝයා අඹරපු ඇට කිලෝ එකක් කලින් රුපියල් 100 විතරට තිබුනේ දැන් රුපියල් 225/- යි. අනෙක් ඒවාත් ඒ ආකාරයටම අධික ලෙස මිල ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු පවසති.

මේවායින් කුකුල් කෑම සකස් කරල සතෙක් හදන්න රුපියල් 1500/- ක් පමණ වැය වන බවත් හොඳින් වැඩුනු සතකුට ලැබෙන්න රුපියල් 450.00 – 500.00 අතර මුදලක් බවත් ඔවුහු සඳහන් කරති.

කෑම කිලෝ 50හේ කොට්ටයක මිල රුපියල් 6000 ක් විතර වෙනවා. අද මිල නොවෙයි හෙට ගන්න ගියාම මේවා මෙම කර්මාන්තය කරගෙන යාමට ඇති බලවත් ගැටළු බව ද එම කර්මාන්තකරවෝ පවසති.