(දයාරත්න ඇඹෝගම)
කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයට අයත් සුරා සැල් හයකට මුද්‍රා තැබූ බව කැකිරාව පොලිසිය කියයි.
මෙසේ මුද්‍රා තබා ඇත්තේ කැකිරාව නගරයේ පිහිටි සුරා සැල් හතරකටත් මරදන්කඩවල හා මඩාටුගම පිහිටි සුරා සල් දෙකකටත්ය.
නිරෝධායන පනතේ බලතල ප්‍රකාරව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මෙම සුරාසල් හයට මුද්‍රා තබා ඇතැයි අප කළ විමසුමේදි කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රසන්න වැලිකල මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක් නීති දෙකක්.
මුදල් අමාත්‍යාංශය ගන්නා තීරණ වලක්වන්න කොහෙවත් ඉන්න දොස්තර කෙනෙක්ට පුලුවන්ද? වහාම මෙම රට බීම හාල් විවෘත කල යුතුයි.
පිස්සුද හලෝ? ඕවායේ විකුණන්නේ අයියලාගේ, මල්ලිලාගේ බඩු. නිකම් අත් පුච්චාගන්නේ නැතිව අර තුෂාර ඉඹුල්දෙනිය උත්තමයා වගේ එහෙම දෙයක් වෙලා නෑ, වාර්තා වෙලා නෑ කියලා පාඩුවේ ඉන්නවලා...
කොන්ද පන තියෙන රාජ්‍ය නිලධාරීන් ඉන්නකොට ඔය වගේ වැඩ කරනවා.
මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීමේ දී ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ සහ ආයතන වල එකඟතාවයක් තිබීම අවශ්‍යයි.. නැත්තං රටේ නීතිය සහ රජය හෑල්ලුවට ලක්වීම පමණයි සිදුවන්නේ..
තවත් මොනවද තියෙන්නේ ආණ්ඩුවට හෑල්ලු වෙන්න.?
හෙණ අමාරුවක් තියෙන පොරක් වගේ...
වැක්සීන් ටික ගහන්න බැ හරියට... ඒකට ආමි එක ඕනෙ... මහ ලොකුවට බාර් එකක් වහන්න පුළුවන්. දැන් එතකොට ඔය බැංකුවල, සුපරි වෙළෙඳසැල්වල පෝලිම් මොනවද දන්නේ නැහැ. බලය පෙන්නන්න තියෙන අමාරුවනේ...
නිකන් කලබල වෙන්න ඒපා