IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොකේන් සහ මත්පෙති සමඟ 17ක් අත්අඩංගුවට

(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ දැනහඳුනා ගෙන සංවිධානය කළ පාටියකට සහභාගී වී කොකේන් හා හඳුනා නොගත් මත් පෙති පානය කරමින් සිටි රංගන ශිල්පිනියක ඇතුළු තරුණ තරුණියන් 17දෙනෙකු අද (03) මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටලයක් තුලදී අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.

අන්තර් ජාලයේ ෆේස් බුක් හරහා සම්බන්ධ වී ඇති ඔවුන් මාතර මිරිස්සේ හෝටලයක පැවති සාදයටට සහභාගීවී තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

රාත්‍රීය පුරාවට පැවති එම පාටියට විදේශිකයින් ඇතුළු තරුණ තරුණියන් 1500ක පමණ පිරිසක් සහභාගිවී ඇති බවද සැකකරුවන් පිරිස ඒ අතරතුරදී විවේකයක් ගැනීමට ඉන් පිටතට පැමිණ ඇති බවද කියති.

කෙසේ වෙතත් සැකකරුවන් සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 550 ක් හා මිලි ග්‍රෑම් 250 ක්‍ අඩංගු හඳුනා නොගත් මත් පෙත්තක් පොලිසිය සොයා ගෙන ඇත. 

ඒ පිළිබඳ මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාට ලැබුණු තොරතුරකට අනුව කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය මෙම වැටලීම සිදු කර තිබුණි.

ඒ වන විට අදාල රංගන ශිල්පිනිය ඇතුළු තරුණියන් තිදෙනා මත්වී අඩ නිරුවතින් සිටි බව පොලිසිය කියයි.

මාතර,කොලඹ,පානදුර,කෙසෙල්වත්ත,ජා ඇල,මාබෝලහා වත්තල පදිංචි සැකකරුවන් පිරිස හෙට (04) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (3)

කොකේන් සහ මත්පෙති සමඟ 17ක් අත්අඩංගුවට

neil Sunday, 03 March 2019 05:30 PM

අපිට අදහස් පහල වෙන්නේ නෑ

:       0       85

Mahee Sunday, 03 March 2019 07:01 PM

මෙතන තිබුණු කොකේන් ප්‍රමාණය නෙමෙයි වැදගත්. වැදගත් වන්නේ මේ ෆේස්බුක් සෙල්ලම අපේ තරුණ පිරිස අතර ඉතා වේගයෙන් පැතිර යන රෝගයක් වී ඇත්තේ මන්ද යන්නයි. අපේ තරුණ පිරිස ඉතාම අසහනයෙන්ද ඉන්නේ? ලංකාවේ කාන්තාවන්ගේ 90% ක් බස්වල සහ දුම්රියේදී විවිධ වයස්වල පිරිමින් අතින් හිරිහැරවලට ලක්වෙන බව සමීක්ෂණ වාර්තා කියා තිබුණා. දිනකට ගබ්සාවන් 1000 ක් පමණ සිදුවෙන බවක් පුවත්පත්වල තිබුණා. මොකක්ද මේ සියල්ලෙන්ම කියවෙන්නේ? ඔවුන්ගේ මේ මානසික අසහනය පිටකරන මාර්ගයක්ද ෆේස් බුක් සාද?

:       0       192

isurandi Monday, 04 March 2019 07:57 AM

අනාගත දරුපරපුර ඉක්මනටම දුෂණයට හා විනාශයට ඇද දමන සමාජ රටාවක් දැන් පවතින්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site