IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිට නොතීසි

(තිළිණි ද සිල්වා)

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දීමට ලබන 9 වැනිදා වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපතිවරයාට අද (5) නොතීසි නිකුත් කළේය.

එසේම එම එන්නත් ගෙන්වීම සිද්ධිය සිදුවී ඇතැයි කියන 2015 ‐ 2018 වකවානුවේ සිටි සභාපතිවරයාට ද එදිනම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරිණි.

ඒ අනුව මොවුන් දෙදෙනාටම ලබන 9 වැනිදා පෙරවරු 9.30 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරිණි.

ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග කටයුතු අද (5) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල වැඩිදුර විභාගයේ දී සාක්කි දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී ගෝපි ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා කියා සිටියේ එම බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාව ලබා දුන් මහාචාර්ය අසිත ද සිල්වා මහතා පසුව අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් වූ බවය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ මෙම පැමිණිල්ල පිළිබඳ විභාගයේ දී අදාළ ඖෂධ වර්ගය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවය.

එබැවින් සාක්කි විභාගයේදී වෙනත් ඖෂධ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම හෝ සඳහන් කිරීම මෙම විභාග කටයුතු වෙනතකට යොමු කිරීමක් බැවින් එසේ විභාග කටයුතු වෙනත් මඟකට යොමු කිරීමෙන් වළකින්නැයිද කොමිසමේ සභාපතිවරයා සාක්කිකරු වෙත අවවාද කරන ලදී.

 



අදහස් (9)

ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිට නොතීසි

Chanak Los angeles Friday, 05 April 2019 10:14 PM

මේ තරම් ජරා ලෙසට මුදල් හම්බකරන්නේ හැමදාම ඉන්න බලාගෙනද ? රාජපක්ෂලා නම් කමක් නැහැලු ඔවුන් හැමදාම ඉන්නවාලු නමුත් අනෙක් මිනිසුන් ?

:       0       0

විජිත් Saturday, 06 April 2019 10:05 AM

ඒ මාරක බෙහෙත ශ්‍රී ලංකාවට ගෙනෙන්න සියලුම වැඩ කලේ රාජිත බව කව්රුත් දන්නවා. අපේ රටේ අහිංසකයින්ට එන්නත් කරලා තමයි ඒ බෙහෙත මිනිස් සිරුරට බලපාන්නේ කෙසේද කියලා පරික්ෂා කරලා තියෙන්නේ... ඉතින් මිනිහව අල්ලගන්නේ නැතිව මොනවද මේ වහෙන් ඔරෝ කතා. ඒ වගේම තමයි... මේවගේ ගොන් ඇමතිලාට ඡන්දය දෙන මිනිසුන්ගේ මොලයත් පරීක්ෂා කළ යුතුයි. තව එකක්.. මේ සිද්ධිය වෙනත් රටක සිදුවුණා නම්..මිනී මැරීමට උත්සාහ කිරීම සහ මිනීමැරීමට සහයෝගය දීම යටතේ ඔය බෙහෙත ගෙනාපු ඇමතිට විරුද්ධව නඩු පැවරිය හැකියි. එහෙම වුණා නම් ජනාධිපතිතුමාගේ එල්ලුම් ගස් ප්‍රොජෙක්ට් එකේ පළවෙනියා කරලා අපායටම යවන්න තිබුණා ඔය ඇමතියාව....

:       39       126

RaveendraSaturday, 06 April 2019 11:23 AM

හා හා... ඔබ මේ අපහාස කරන්නේ "පරාජිත " ගොයියට නොවේද? අප නිවැරදි නම් මේ ගොයියා නේද කොහෙද මන්දා හොඳම ඇමැති වුණේ? ඉතින් එහෙව් හාදයට ඔබ විහිළු කරනවා නොවේද? අපේ අහිංසක මිනිසුන් පරීක්ෂණයකට ටෙස්ට් පීස් වුණාට කමක් නැහැනේ. මේ හිඟන්නට ගතමනාවක් එන්න ඇතිනේ...

:       0       12

විජිත් Saturday, 06 April 2019 01:46 PM

රවින්ද්‍ර මල්ලි, මේ හිඟන්නා නිසා අපිත් දැන් හිඟන්නන්ගේ තත්වයටම වැටෙනවානේ. ලෝකෙන්ම හොඳම ඇමති නොවෙයි මෙයා ලෝකෙන්ම හොඳම හිඟන්නා කියලා සම්මානයක් දෙමුද..?

:       0       6

senakaSaturday, 06 April 2019 12:17 PM

අපෝ ඔය කියන ඇමතියාට තියන නඩු 14ක් නිසා හොඳට වැඩ කරපු අල්ලස් කොමසාරිස්තුමිය රස්සාවෙන් අයින්කළා. හැබැයි දවසක එයා කූඩුවට යනවා.

:       0       7

senaSaturday, 06 April 2019 12:19 PM

ඕක විතරක් නෙවෙයි තව හුඟාක් බෙහෙත්වර්ග, උපත් පාලන ක්‍රම ආදිය සල්ලි දීලා අපේ ජනතාව මත පර්යේෂණ කරනවා කියලා මම අහලා තියෙනවා. අපි ඇත්තටම විද්‍යාගාරයේ ඉන්න මීයන්ට වඩා අසරණයි කියලා හිතෙනවා.

:       0       4

Praba Saturday, 06 April 2019 01:49 PM

ඔය එන්නත ගෙන්නන්න බැහැයි කිව්ව නිසා තමයි හිටපු සභාපති මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය කියන ලොවම පිළිගත්තු විද්වතා ගෙදර යවලා ප්‍රසිද්ධියේ ඖෂධ සමාගම් එක්ක වැඩකරන පුද්ගලයෙක් නියම අධිකාරියේ සභාපති කළේ. අනේ අපේ සුවපති රාජිත තුමා...

:       0       1

චන්දා Saturday, 06 April 2019 06:51 PM

පහත් තැනින් යයි ගලා ජලේ.

:       0       0

Hema Monday, 08 April 2019 02:43 AM

සුවපතිට තව සම්මාන දෙමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site