IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඕස්ට්‍රේලියාවට පලායාමට තැත් කළ 3ක් අත්අඩංගුවට

(ටී. එල්. ජවුර්ඛාන්)
 
නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට බෝට්ටු මගින් යාමට තැත්කළ පිරිසකින් තිදෙනෙකු අද (13) අත්අඩංගුවට ගත් බව මඩකලපුව මූලස්ථාන පොලිසිය කියයි. 

සවුක්කඩ් ප්‍රදේශයේදී බෝට්ටු මගින් වෙනත් බෝට්ටුවකට පුද්ගලයින් යවමින් සිටියදී නාඳුනන පුද්ගලයින් ගැවසෙනු දුටු බවට ධීවරයින්  පොලිසියට දැනුම්දී තිබිණි. ඒ අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස අතර හලාවත ප්‍රදේශයේ  දෙදෙනෙක් හා වන්දාරමුල්ල  ප්‍රදේශයේ එක් අයෙක් වෙති. එම අවස්ථාවේදී ඉතිරි පිරිස පලාගිය අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු කරන බව පොලිසිය පවසයි.
 
මොවුන්ව ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථය පොලිසිය බාරයට ගෙන ඇත.
 
මඩකලපුව මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

 



අදහස් (6)

ඕස්ට්‍රේලියාවට පලායාමට තැත් කළ 3ක් අත්අඩංගුවට

Pradeep Monday, 13 May 2019 07:08 AM

රටේ ඉන්න පුළුවන් පරිසරයක් හැදුවනම් මිනිස්සු ජිවිත අවධානමත් අරගන රටින් පනින්න හදන්නේ නැහැ..... දේශපාලකයෝ මේ හැම දෙකටම වගකියන්න ඕන.

:       115       130

Kudabanda Monday, 13 May 2019 08:02 AM

ඔවුන්ටවත් මේ පව්කාර පාලනයෙන් මිදෙන්න දෙන්න. හිරෙන් පැන යන්නන් නැවත හිරගෙදරටම දක්කන්න එපා. නිදහසේ ජීවත්වෙන්න අපිට නැතත් ඒ අයට දෙන්න

:       0       0

Menaka Monday, 13 May 2019 08:38 AM

මෙහෙ ආවා කියල දැන් භාර ගන්නේ නැහැ. සරණාගතයන් විදියට එන මිනිස්සු ආණ්ඩුවේ දීමනා වලින් යැපෙමින් රැකියා නොකර නිකම් සිටීම ගැන මෙහෙ මිනිස්සුන්ට තරහ ගිහිල්ල තියෙන්නේ. අනෙක ලංකාවේ කලබල මෙහෙ හැම රුපවාහිනි නාලිකා වලම පෙන්නු විදියට හරිහමන් විදියට නීතිප්‍රකාර එන්න හිතන මිනිහෙකුටත් වැඩේ ලේසි වෙන්නේ නැහැ.

:       0       0

sumith Monday, 13 May 2019 09:08 AM

අනේ කරුණාකරලා මේ රටින් පිටවෙන්ට හදන කෙනෙකුට යන තැනක යන්ට දෙන්න.

:       2       59

chathuri Monday, 13 May 2019 11:33 AM

කරුණාකරලා මොවුන් නිදහස් කරන්න. මොවුන් යන්නේ ඔස්ට්‍රේලියාවට, සිරියාවට, තුර්කියට. මුස්ලිම් අන්තවාදීන් යනකොට ඇල්ලුවද. මේ මිනිස්සු යන්නේ රටේ ඉන්න බැරි නිසා ගිලිලා මැරුණත් සැපයි කියලා. මේ කට්ටියගේ ඔත්තුව දුන්න ගමන් වටවෙලා ඇල්ලුවා. මුස්ලිම් අන්තවාදීන් බෝම්බ ගහලා රට විනාශ කරනවා කියලා දැනුම් දීලත් ඇහුනේ නැහැ වගේ හිටියා. දැන් බොරුවට නටනවා. මේ රටින් පිට වෙන්න. හැම කෙනාම ජිවත් වෙලා ඉන්නේ ටික කාලයයි. කැමති රටකට ගිහින් සතුටින් සාමයෙන් ඉන්න.

:       0       28

ravi Monday, 13 May 2019 12:49 PM

මේ ලංකාවෙන් පනින්න උත්සාහ කරපු අය කවුද කියලා දැනගෙනද.. මෙතන මෝඩ පුරසාරම් ලියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site