IMG-LOGO

2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ඉනිමක සහ ලකුණු 40 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද (26 වැනිදා) සමත් විය.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 179 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සිය දෙවැනි ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 139 ක් පමණි.

ශ්‍රී ලංකාව  - 144 සහ 139 යි
ඕස්ට්‍රේලියාව 323 යි

 

වැඩිදුර තොරතුරු දැනගැනීමට www.kelimandala.lk වෙත පිවිසෙන්න



අදහස් (26)

ඕස්ට්‍රේලියාවට ඉනිමක ජයක්

sandy123 Saturday, 26 January 2019 07:25 AM

දේශපාලනය වගේම මේකත් දවසින් දවස අගාදයටම යනවා. හොද දෙයක් අහන්න දකින්න ලැබෙන්නෙම නැහැ. අපරාදේ අපි බදු ගෙවා ගෙවා මේ අය පෝෂණය කරන්නේ. අපේ ක්‍රිකට් සුදුවක් වෙලා ඉවරයි. මේක ඉවර වුණාම කොහේ හරි රටක සල්ලි වලට තරග වදියි. දින්නත් පැරදුනත් මෙයාලා දිනුම්. රට සවාරි සමග වැටුප්.

:       0       231

sam Saturday, 26 January 2019 07:29 AM

හොඳ වෙලාවට මේක ඕස්ට්‍රේලියාවේ දීර්ඝ සති අන්තයක්. අඟහරුවාදා වැඩට යනකොට බොහොමයක් දෙනෙකුට මේක අමතක වෙලා. මට මතක් වෙන්නේ 96 වර්ල්ඩ් කප් ෆයිනල් එකට පහුවදා මම වැඩට ගිය උජාරුව.

:       249       251

Amila Saturday, 26 January 2019 07:37 AM

දැන් කාලේ හරි අලුත්ම ක්‍රීඩකයෝ 11කට අවස්ථාව දෙන එක. මොකද මේ පරණ ක්‍රීඩකයින්ට දුන්න අවස්ථාව හොඳටම ඇති. 2014 විතර සිට 19න් පහළ කණ්ඩායමක් ගෙනාවා නම් අද වෙනකොට නියම කණ්ඩායමක් හැදිලා. දැන්වත් එහෙම කරා නම් අඩුගණනේ 2022 වගේ වෙද්දීවත් හොඳ කණ්ඩායමක් තියේවි...!!!

:       0       64

p.d goonawadena Saturday, 26 January 2019 07:47 AM

මෙහෙම ක්‍රිකට් වැඩක් නැහැ නේද? මේ සල්ලි වලින් මහලු අයව දඹදිව වන්දනාවක එක්ක ගියා නම් ලොකු පිනක් වත් අත්පත් කරගන්න තිබුණා...

:       1       410

KapSaturday, 26 January 2019 10:06 AM

එල කතාව අම්මපා අැත්ත...

:       0       195

RaveendraSaturday, 26 January 2019 10:35 AM

අම්මපා.. "නාමපුවරුවේ" පොඩි එකෙකුට පෙන්නන්න 50 හේ ඉලක්කමක් නැහැනේ... 60, 70, 100 ඔක්කොම සිහිනයක්. ඇහුවොත් නම් ශරීර යෝග්‍යතාවය 200% ටිකවෙලාවකින් අරෙහෙ අල්ලනවා මේ අල්ලනවා... කකුල් කැඩිච්ච අශ්වයින් වගේ... අපේ දුප්පත් සල්ලි..

:       0       419

ගල්කටස් Saturday, 26 January 2019 08:46 AM

ලොකු ලොකු මුදල් ගෙවලා පුහුණු කරුවොයි ක්‍රීඩකයනුයි කරන සෙල්ලම දැක්කාම නම් ජනතාවට එන්නෙ පුදුම දුකකි. මෙම සියළුම ක්‍රීඩකයින් ඉවත් කර 21න් පහළ හොද ක්‍රීඩකයින් යොදලා සෙල්ලම් කරන්න කාලය නම් දැන් හරි. මෙයාලා ලංකාවේ ක්‍රිකට් පීචංම කරලා දානවා... පාසල් මට්ටමේ ක්‍රීඩකයින් යොදවා සෙල්ලම් කරන්නේ නම් ජනතාව වශයෙන් අප ඔවුන් දිරිමත් කිරීම සඳහා පැමිණීමට සූදානම්. මොවුන්ට නම් කිසිම සහයක් අපෙන් නැත. වැඩක් නැති සල්ලිවලට ක්‍රීඩා කරන මෙයාලගෙන් අපටවත්, රටටවත් සෙතක් නැත.

:       2       513

menna Saturday, 26 January 2019 08:59 AM

අරජුන රණතුංග මහතා කිව්වා වගේ, පුහුණුකරු හතුරුසිංහ බංගලාදේශේ ක්‍රිකට් හැදුවට ලංකාවේ ප්‍රශ්නේ පුහුණුකරු හෝ ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නයක් නොව පරිපාලනයේ ප්‍රශ්නයක් කියන එක කියලා දැන් වඩා පැහැදිලියි. ඇලන් ඩොනල්ඩ් පන්දු යැවීමේ පුහුණුකරු හැටියට ඇවිල්ලා ආපු ගමන්ම දාල ගියා. ඒ කියන්නේ ඔහුටත් ලංකාවේ වෙන්නේ බොරුවක් කියලා වැටහුණු නිසා විය යුතුයි. ඇමැතිත් කියන්නේ ලංකාවේ ක්‍රිකට් පරිපාලනය දුෂිත වෙලා කියලා. බලන් ගියාම හැමදෙයක්ම දූෂිතයිනේ. හරියට නිකන් පින් ඇති දරුවෙක්ව ඉපිද කර කියාගන්න බැරිව මිය යන මහලු මිනිසෙක් වගේ. මිනිස් ස්වභාවය හැටියට ගත්තම එ්කත් වරදක් නැහැ කියල හිතෙනවා.

:       40       250

ගල්කටස් Sunday, 27 January 2019 04:49 AM

අර්ජුන ට තියෙන මෙිනියාව අපට නැත. සමිපූර්ණ වරද තෙරුමි කමිටුව ,පුහුණුකරුවන් සහ නායකයා අැතුලු කීූඩකයින් බාර ගත යුතුයි. කිුඩකයන් ගහන්නෙ නැත්නමි මොකා පරිපාලනයෙ හිටියත් මෙචිචරම තමා.

:       2       100

ase Saturday, 26 January 2019 10:07 AM

සුමිහිරි පානේ පදමට ගහලා, මට මොකටද රටට හෙන ගැහුවත් මගේ ගාන හරි නේ ! හික් හික්... රු 100 දෙන්න ඉතුරු ටික කියන්න, හික්.

:       0       164

Pitigala milano Saturday, 26 January 2019 10:10 AM

ලංකාවේ කොල්ලෝ ඊළඟ තරගෙ හොඳට කරයි. ඉවසන්න

:       184       4

Jayantha Saturday, 26 January 2019 10:11 AM

මේ ඔක්කෝටම මුල අසංක ගුරුසිංහව ග්‍රැහැම් ෆෝර්ඩ්ට උඩින් ගෙනාපු එක... ඕස්ට්‍රේලියාවේ අවුරුදු 15 ක් ජීවත් වුනාට මිනිහට කලමනාකරණය සහ මැනේජ්මන්ට් ගැන කිසිම දැනුමක්, ප්‍රායෝගික පළපුරුද්දක් තිබුනේ නැහැ. මිනිහා ටීම් එකේ හැම තැනටම ඇගිලි ගහලා ග්‍රැහැම් ෆෝර්ඩ් යන තැනකට පාර කැපුවා. අනිත් එක ක්‍රීඩකයන් බාගයකට විතර පොඩ්ඩක් බැට් කරන්නයි, පොඩ්ඩක් බෝල් කරන්න විතරයි පුළුවන්. ඉතින් ඒ වගේ ප්ලේයර්ස්ලාත් එක්ක ටෙස්ට් ක්‍රිකට් ගහන්න පුලුවන්ද?

:       120       516

Adam Saturday, 26 January 2019 10:46 AM

මම ක්‍රිකට් වලට ගොඩක් ආදරය කරන කෙනෙක්... ලංකාවේ ක්‍රිකට් ටීම් එකට වඩා හොඳ පුත්තලම් බූරුවන් 11ක් ක්‍රිකට් සෙල්ලම් කළා නම් ඒ වගේම අපේ සල්ලි කන ක්‍රිකට් පාලක මණ්ඩලයත් අඩු නැතිව පුන්නක්කු කවන්නම වෙනවා. ලංකාවේ ක්‍රිකට් ගැන ඇහෙන කොටත් බඩ දඟලනවා...

:       0       505

RaveendraSunday, 27 January 2019 06:41 AM

සහතික ඇත්ත. ක්‍රීඩාවේ ජය පරාජය එකසේ විදීමට ප්‍රේක්ෂකයන් හැටියට අපට අවබෝදයක් ඇත. නමුත් " මේ පරාද වන්නේ හිතා මතාදෝ ගැටලුවකි ." පරිපාලනයේ මෙන්ම ක්‍රීඩකයන්ගේ විනය පිලිබදව ද ඉහල ප්‍රමිතියක් තිබිය යුතුය. මුදලට ඕනෑම අලුගුත්තේරු වැඩ කරන සමාජයක මෙය එතරම් අලුත් දෙයක් නොවන බවනම් පැහැදිලිය. කෙසේ වෙතත් කොතරම් දක්ෂ ක්‍රීඩකයෙක් උනත් ශරීර යෝග්‍යතාවය දුර්වලනම් එසේත් නැත්නම් විනයක් නැතිනම් කණ්ඩායමෙන් නෙරපිය යුතුය. විනයක් නැත්තේ කොතනද ඒ තැන අගාදයට යන්නේය. මේ සියල්ලෝම ඔබේ, අපේ මුදල් ගිලින්නේ. මුදල් විනාශ කරන්නෝය. තව එක් කරුණක් සදහන් කිරීමට කැමැත්තෙමු. දක්ෂයි කියාගන්නා ක්‍රීඩකයන් සැමවිටම දුර්වල වේනම් ඔවුන්ගේ මෙන්ම සියල්ලොගේම ගෙවීම් කපා දැමිය යුතුය.

:       0       105

K Perera Saturday, 26 January 2019 11:03 AM

ටෙස්ට්, එක්දින සහ 20/20 කියා ක්‍රීඩකයින්ව වෙන්නොකර දක්ෂ ක්‍රීඩකයන්ට සෑම තරගයකටම අවස්ථාව දුන්නා නම් ප්‍රතිඵල මීට වඩා යහපත් වේවි...!!!

:       0       95

lal Saturday, 26 January 2019 11:31 AM

ටෙස්ට් ක්‍රිකට් පමණක් නෙමෙයි, එක් දින හා 20-20 තරඟවලින් පවා රට තුළ මෙන්ම විදෙස් රටවල අන්ත පරාජයන් ලබනවා.. ඒ මදිවට දරුණුම ගණයේ දූෂණ චෝදනා එල්ලවෙමින් තියෙනවා.. මෙහෙම ක්‍රිකට් ගහනවට වඩා හොඳයි ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම තහනම් කරන එක කියා අපට හැඟෙනවා..

:       0       121

sandy123 Saturday, 26 January 2019 12:21 PM

අපේ ක්‍රිකට් යන අගාධය දැක්කම පුදුම හිතෙනවා. එන්න එන්නම වල පල්ලටම යනවා. අපේ බදු මුදල් වලින් මේ කට්ටිය විඳින සුර සැප දැක්කම පපුව හෝස් ගාලා යනවා. දේශපාලකයෝ වගේ රට හෑල්ලුවට ලක් කරලා පුළුවන් තරම් ෂෝ එකට රට සවාරි යනවා පවුල් පිටින්. ඒ මදිවට බිරින්දෑවරු ගහ මරා ගන්නවා. මේ කට්ටියට මොකද? පැරදුනත් සල්ලි අතේ. දැන් මේ සවාරිය ඉවර වෙලා කොහේ හරි රටකට ගිහින් සෙල්ලම් කරයි සල්ලි වලට. දේශපාලකයින් වගේ ලැජ්ජාවක් ඇත්තෙම නැත්ද? අඩුමගානේ ඉල්ලා අස්වෙන්නවත් මෙහෙම පීචන් වෙනකොට...

:       0       80

Shantha qatar Saturday, 26 January 2019 01:14 PM

මගේ අදහස කරුණාකරලා ටික කාලෙකට ක්‍රිකට් නවත්තන්න. අපිට විලි ලැජ්ජයි මේ රටවල්වල ඉන්න අය අහන දේවල්වලට.. ඔය ටීම් එකට වියදම් කරන සල්ලි අහිංසක ගොවියන්ට බෙදලා දෙන්න.

:       0       211

LARRY Saturday, 26 January 2019 05:02 PM

මැතිව්ස් ගෙන්වන්න

:       12       72

Charitha Saturday, 26 January 2019 11:04 PM

කරුණාකරලා අවුරුදු දෙකකටවත් ක්‍රිකට් නවත්තන්න. නැතිනම් මේ අය මුළු රටම ලජ්ජාවට පත් කරනවා. අපේ හිටපු ලෝක පුජිත ක්‍රීඩකයන්ටත් මේ අය කරන්නේ නින්දාවක්. කිසිම කණ්ඩායම් හැගීමක් මේ අයට දැන් නැහැ. ඉස්ස‍ර පාසල් කණ්ඩායමක් මීට වඩා හොදට සෙල්ලම් කරනවා. ලැජ්ජාවක් කියලා නාමයක් මේ අයට නෑ වගේ.

:       0       1

isurandi Sunday, 27 January 2019 05:02 AM

හතුරුසිංහ නෙමෙයි කවුරු ආවත් මේ යන විදිහට කණ්ඩායම ගොඩ දාන්න අමාරුයි.හතුරුසින්හට දැන් හිතෙනවා ඇති කරගත්ත මෝඩ කමක් කියලා.අල්ලපු වත්තත් නැහැ පයගහපු වත්තෙන්නම් මොලො රහක් නැහැ.

:       7       7

Manjula Sunday, 27 January 2019 06:35 AM

නායකයා හා පුහුණුකරු සම්පූර්ණයෙන්ම මෙයට වගකිව යුතුයි. වසර ගණනාවක් තිස්සේ එකම දේය කරන්නේ. අබියෝගයක් නැතිව අලුත් දෙයක් බලාපොරුත්තු විය නොහැක.1996 ට පෙර ජයසුරිය සහ කල්පගේ 7,8 ස්ථානයේ පිතිකරණය කරය. අර්ජුන සහ වට්මෝර් ජයසුරිය අංක 1 යෙදවිය .ජයසුරිය ටෙස්ට් සහ එක්දින අංක 1 පිතිකරණය කළේය. එසේනම් දික්වෙල්ල අංක 7 යොදා සගවන්නේ මක්නිසාද .එහි ප්‍රතිපල පසුගියදා ලැබුණි .එක්දින හා ටෙස්ට් ක්‍රීඩකයන් හොදින් හදුනාගත හැක. එක්දින පිතිකරණය 1,තිසර, 2දික්වෙල්ල 3කුසල් ජනිත් 3.මෙන්ඩිස් 4 ගුණතිලක 5 ඇන්ජිලෝ 6 ගුණරත්න 7 චානක 8 දිල්රුවන් 9 මාලිංග 10 ලක්මාල් 11 සදකන් හෝ ප්‍රනාන්දු අතිරේක තිරිමාන්න මෙය 2019 ලෝකකුසලනයට පෙර සිදුකල හොත් අනිවාර්යෙන්ම ලෝකකුසලනය ශ්‍රී ලංකාවට, මෙය අනිවාර්යෙන්ම මාලිංග සහ හතුරු කියවිය යුතුයි

:       7       0

de silva Sunday, 27 January 2019 06:54 AM

අර වයසට ගිහින් විශ්‍රාම ගිහින් ඉන්න තිලාන් සමරවීර, මුරලි, අරවින්ද සිල්වා , කළු විතාරණ , කුමර ධර්මසෙන , දිල්ෂාන්, අර්ජුනත් එක්ක ඕස්ට්‍රේලියාවේ ටෙස් ගහන්න යැව්වානම් අඩුම තරමේ දිනුම කෙසේවෙතත් , ඉනින්න්ස් වලින් පරදින එකක්ක නැහැ, පුහුණු කරුවට කරන්න දෙයක් නැහැ , ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්නේ නැත්නම් , හතුරුසිංහ බන්ගලාදේශයට යනකොට එහෙ ක්‍රීඩකයෝ මෙයට වැඩිය උනන්දුවෙන් ක්‍රීඩා කලා, ඔහු කලේ ඔවුන්ට තාක්ෂණික උපක්‍රම පුරුදු කරපු එක ,

:       6       1

sachith Sunday, 27 January 2019 06:56 AM

කමක් නෑ ඔහොම යන්කෝ.

:       16       1

Pitigala milano Sunday, 27 January 2019 09:08 AM

කොහොම කිව්වත් අපේ කොල්ලෝ දක්ෂ කොල්ලෝ .එකක් දෙකක් පැරදුණ කියලා කලබල වෙන්න දෙයක් නැහැ .

:       22       0

Ravi Sunday, 27 January 2019 11:58 AM

ආරංචිය තිබෙන්නේ පුහුණුවීම් පැත්තකට දමා විනෝද ගමන් ගිහිල්ලා කියලා. මේක කිව්වේ ඕස්ට්‍රේලියාවේ මිතුරෙක්. බොරු වෙන්නත් බැහැ. ඉස්සෙල්ලාම විනය නීතියක් දන්නේ නැති ගොන් තඩි ටික ගෙදර යවලා පිළිවෙලකට සෙල්ලම් කරන්න ලැස්ති කට්ටිය තෝරා ගත්ත නම් ඉවරයි. රාත්‍රී සමාජ ශාලා අස්සේ රිංගා ගෙන පස්සේ දාට ක්‍රිකට් ගහන්න පුළුවන්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අයිස්‘ සමඟ 6ක් පොලිස් දැලේ
2024 දෙසැම්බර් මස 13 120 0

කහතුඩුව මූනමලේ වත්ත ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග හය දෙනෙකු


අදත් තැනින් තැන වැසි
2024 දෙසැම්බර් මස 13 46 0

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මැතිසබයේ වෙබ් අඩවියෙන් තවත් ආචාර්ය පට්ටමක් හලයි
2024 දෙසැම්බර් මස 12 4759 0

පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන්ද ආචාර්ය උපාධියක් සඳහන්ව තිබී ඉවත් කරනු ලැබ ඇත.


අත්අඩංගුවට ගත්තැයි අසාද් සාලිට වන්දියක්
2024 දෙසැම්බර් මස 12 1248 0

මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත


‘‘තෙල් හිඟයක් නෑ‘‘
2024 දෙසැම්බර් මස 12 512 0

ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් සංචිත පවතින බැවින් මෙරට තුළ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බව එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේය.


මාංචු යතුරක් රැගෙන සැකකරුවකු බලන්න ඇවිල්ලා
2024 දෙසැම්බර් මස 12 855 0

නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා ති


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 20989 8


අධිවේගයේ නිධාන ගල කුඩු කරයි
2024 නොවැම්බර් මස 23 17061 6


ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13402 1

මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 38 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 113 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 63 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site