




(ඉන්දිකා රාමනායක)
‘ඉන්දු - පැසිෆික් සහයෝගීතා 2019’ වැඩසටහනට සහභාගි වීම සඳහා පසුගිය මාර්තු 23 වන දින ත්‍රිකුණාමලය වරායට පැමිණි ඕස්ට්‍රේලියානු රාජකීය නාවික හමුදාවට අයත් සක්සස් නෞකාවේ කාර්ය මණ්ඩලය අද(26) ත්‍රිකුණාමලය රවුන්ඩ් බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ කටයුත්තක සහභාගී වුහ.
මේ සඳහා සක්සස් නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ඩ්‍රැරන් ජී ග්‍රෝදගන් මහතා ඇතුළු නාවික නිලධාරීන් 19 දෙනෙක් සහභාගි වී සිටියහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා, ත‍්‍රිකුණාමලය නාවික නෞකා තිස්ස ආයතනයේ අණදෙන නිලධාරිතුමා ඇතුළු නිලධාරීන් 51 දෙනෙක් සහභාගී වූහ.
COMMENTS
නියම කටයුත්තක් . අපත් මේ අනුව අපගේ පරිසරය පිරිසිදු කරමු .
එකෙත් හැටි, ත්‍රිකුණාමලයට එන්න යනවා කියන්නේ ඇමෙරිකන් හමුදාව. එන්න කලින් වෙරළ සුද්ද කරවන්නේ ඕස්ට්‍රේලියන් කාරයෝ දම්මල. වෙලාවකට දුකත් හිතෙනවා.
අපේ සෙබළුන්ටත් අඩු වශයෙන් මසකට වරක්වත් වෙරල සහ පරිසර දූෂණයට ලක් වී ඇති තැන පිරිසිදු කළා නම් නරකද?
අපේ ලංකාවේ කට්ටිය නැතිවද? පිටරටින් ඇවිත් ඕවා සුද්ධ කරන්නේ..........
පරිසර ඇමති ධුරයෙන් ඉල්ලා අස්ස වෙන්න වෙයි. එවන් ඇමති ධුරයක් මෙරටට අවශ්‍ය නැහැනේ.
අපේ අයනේ වැඩිපුර ඉන්නේ , නාවික හමුදාවෙන් කරන හොඳ වැඩක්
මේකෙන් පෙනෙන්නේ පරිසර ඇමති, වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව තනිකරම අසාර්ථක බව නේද? හරිම නින්දාවක් මේක...
කට්ටියට හරි ලැජ්ජයි දුකයි නේද? ඕක රටේ අයගේ වරද..... තමන් කන බොන දේවල් ඒ ඒ කුණු බක්කියකට දානවානම් ගිනි තියෙනවානම් ඕක ඔහොම වෙන්නේ නෑනේ.වැල්ලට ගියත් පාක් එකට ගියත් කුණු කන්දල් එක එක තැන වල දානවා .කුණු දාන තැන තියෙනවානේ අරක්කු බෝතල් බියර් බෝතල් වැඩක් නැහැ කතා කරලා. පරිසර ඇමති, වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව තනිකරම අසාර්ථක බව නෙමේ ජනතාවගේ අසාර්ථක කම තමයි පෙන්නේ