IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘‘ඕනෙ නම් ගොරකා දඩමස් කරන්නත් පුළුවන්‘‘

(බී.ජී. චතුරංග)

ශ්‍රී ලංකාවේ පොලිසියට ගොරකා, දඩ මස් කරන්නත් දඩ මස්, ගොරකා කරන්නත් පුළුවන්. අපේ රටේ ජනතාව ඒ පිළිබඳව හොදින් දන්නවා. පොලිසිය කියන සියලු  දේ ඇත්ත කියලා ජනතාව පිළිගන්න ඕනේ නෑ. එසේ නම් රටේ අධිකරණයක් අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ රිය අනතුරක් සම්බන්ධයෙන් සැකපිට  රක්ෂිත බන්ධනාගාර ගතව සිට මෝසමක් මගින් ඇප ලැබීමෙන් අනතුරුව අද (7) අනුරාධපුර උසාවිය  අසලදී ය.

එහිදී තව දුරටත් අදහස් දැක්වූ ලාල් කාන්ත මහතා.

     "පසුගිය පළමු වැනිදා මා පැදවූ කැබ් රථය, යතුරු පැදියක  ගැටී අනතුරක් සිදු වුණා. මම කණගාටු වෙනවා එම රිය අනතුර, වලක්වා ගන්න බැරි උන එක ගැන. එක පැත්තකින් මා සතුටු වනවා මීට වඩා බර පතළ හානියක් නොවී එතුමියගේ ජීවිතේ මට බේරා ගන්න ලැබීම පිළිබඳව. එම මොහොතේ පාලනයෙන් තොරව පැමිණි යතුරු පැදිය තමයි මගේ වාහනයේ  ගැටුණේ.

ඒක තමයි ඇත්ත තත්ත්වය,පොලිසියේ  විමර්ශන කටයුතු වල සිටියා, අපි ඒ විමර්ශන කටයුතු කර ගෙන යන්න ඉඩ හැරියා. පස්සෙ රජයේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කළා, එතැනින් පසුව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරා, ඊට පසුව මෝසමක් ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලැබුණා.

මුලින්ම රෝගියා සම්බන්ධයෙන් අපි මොකක්ද කරන්න පුළුවන් කියලා බලලා, ඒ සම්බන්ධයෙන් උපරිම කටයුතු කරනවා. නීතිඥයන් බොහෝ දෙනෙක් මේ කටයුත්තට මා වෙනුවෙන් පෙනී සිටියා. ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. 

නීතියට අනුව මේ දේවල් සිද්ධ වුණා. අපිත් එක්ක එක එක ඇරියස් තියෙන අය ඉන්නවා. දේශපාලන ඇරියස් තියෙන අය ඉන්නවා, එක එක න්‍යාය  පත්‍ර වල වැඩ කරන අයත් ඉන්නවා.

පොලිසියේ ඇතැම් වාර්තා පිළිබඳව අපට ප්‍රශ්නකාරී තත්ත්වයක් තිබෙනවා. ඒවා අපි නීතියෙන් අධිකරණයට ඒවා ඉදිරිපත් කරලා අධිකරණයෙන් විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා."



අදහස් (22)

‘‘ඕනෙ නම් ගොරකා දඩමස් කරන්නත් පුළුවන්‘‘

gunarathna Thursday, 07 March 2019 01:25 PM

දැන් ඔය කියන්ට හදන්නේ බීවේ නැහැ කියලද. පාලනයෙන් තොරව කාන්තාව ආවනම් කරන්ට තිබුනේ අයින් කරලා වාහනේ නතර කරගන්නේ එකනේ.

:       1305       1052

chaminda Thursday, 07 March 2019 01:30 PM

බිව්වද නැද්ද කිව්වේ නැහැනේ

:       1130       1385

sirisena Thursday, 07 March 2019 09:44 PM

ලාල් කාන්ත විසින් සිදුකර තිබු රිය අනතුරෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ඇතුළු මණ්ඩලයේ ලොකු කට්ටිය මාධ්‍ය හමුවලදී කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයනට පක්ෂයෙන් උපදෙස් දි තිබෙන්නේ රට බීම නොබීමටත් දේශීය කසිප්පු, රා වැනි දෙයක් බීවාට කිසිදු වරදක් නොදකින බවත්ය. කුමක් හෝ කියා ජනතාව මෝඩයාට අන්දන්න අරමුණක් නොමැති පෙරමුණ සිතා සිටින්නේ ලංකාවේ ඉන්නේ දඩමස් නොව ගොරකා කනවුන් සිතා විය යුතුය

:       537       524

ලසන්තFriday, 08 March 2019 02:59 AM

මම බීලා හරිම කෙලින් ගියේ. අනිත් අය ඇදේට ආවා.

:       242       295

WasudewaFriday, 08 March 2019 05:05 AM

ලාල්කාන්තව පොලිසිය චෙක් කලාම බිලා හිටි බව උසාවියේදී පොලිසිය නඩුකාර තුමාට කිව්වා. දැන් මේ ලාල්කාන්ත ගොරකා දඩමස් කතාවක් කියන්නේ මොකක්ද? මේක වෙන පක්ෂයක කෙනෙකුට වුනානම්.. දැන් නීතිය තද නිසා කිසිම කෙනෙක් බීලා වාහන එලවන්නේ නැහැ. අපි දැන් බලන් ඉන්නේ ලාල්කාන්තට ජේවීපී එකෙන් දෙන දඩුවම මොකක්ද කියල.

:       56       221

Raveendra Thursday, 07 March 2019 02:18 PM

ඔන්න ඉතින් පණ්ඩිත කතන්දර කියනවා. මුන්දෑ අනතුර සිදුවීමෙන් පසු පලා නොගිය එක අප අගය කරන්නෙමු. නමුත් දැන් මේ කියන්න යන්න මම සුදනා කීමටද ??

:       155       452

smn Thursday, 07 March 2019 03:01 PM

කිරි කළයකට ගොම බිඳක් දාගත්තා වගේ දෙයක් සිද්ධ වුණේ….ලාල්කාන්ත සහෝදරයා දැන් 1]ප්‍රසිද්ධියේ සමාව ඉල්ලීම 2]ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වීම 3]ජවිපෙ න් ඉල්ලා අස්වී වෙනත් විනය නොතකන පක්ෂයට යාම 4]දිගටම නඩු කතා කිරීම යන කරුණුවලින් එකක් තෝරා ගත යුතුයි

:       174       495

CiscoThursday, 07 March 2019 04:46 PM

smn මහතාණෙනි, විනය තකන පක්ෂේ කෙනෙක් තමයි රෑ බිලා ඇවිල්ලා ලයිට් කණුවක කැබ් එක හැප්පුවේ. එයා තාමත් හොඳට පක්ෂේ ඉන්නවනේ. ඉතින් මේ සහෝදරයා මොකටද වෙනත් පක්ෂෙකට යන්නේ.

:       154       234

UAE SanathThursday, 07 March 2019 07:50 PM

මේ සිද්ධිය ඉතා විනයගරුක පක්ෂයක් වූ ජවිපෙ කිර්ති නාමයට හානි කිරීමට දේශපාලන උවමනාවන් මත සමහර නිලධාරින් උත්සහ කලත් අධිකරණය ඉදිරියේ සත්‍ය හෙළිදරව් වනු ඇත. 1993න් පසු පක්ෂය ගොඩ නැගීම සඳහා ලාල් කාන්ත සහෝදරයා සිදු කළ උදාර කැපකිරීම් සලකා බලන විට ඔබ අතින් එවැනි වරදක් සිදු වී නොමැති බව අපි විශ්වාස කරමු. ඉතා දුෂ්කර තත්වයෙන් තුල අනේක දුක් කම්කටොලු විඳිමින් වැඩකරන ජනතාව පක්ෂය තුලට එක්කර ගැනීමට දිවා රැයේ වෙහෙසී වැඩ කළ ඔබ ඉතිහාසයේ කිසිදු දවසක එවැනි විනය විරෝධී ක්‍රියාවක් සිදු කර නොමැති බව අපි දන්නෙමු.

:       22       361

බද්රානි . Thursday, 07 March 2019 03:33 PM

පොලිසිය පමණක්ම නොවේ, බොහෝ විට ඔබතුමාලා කරන්නෙත් "ගොරකා දඩ මස් කරලා" ජනතාව මුලා කරන එක නේන්නම්. කෙසේ වුවත්, ලංකාවේ පොලිසිය "කොරහේ කිඹුල්ලු" නම් පෙන්වන්නේ නැහැ. ඒ වගේම තරුණ පරම්පරාවට, පොලිසිය විසින් ඔබතුමාලා තරම් හානියක් නොකරන බව අප පිළිගත යුතුයි. අනතුරක් සිදුවීම තුල කිසියම් සාධාරණයක් තිබුනත් බීමතින් රිය පැදවීමෙන් සමාජ අසාධාරණයක් සිදු කල බව, මේ ආත්ම වංචාවක යෙදෙන මහතුන්ලා පිළිගත යුතුයි.

:       531       617

රොෂාන් Thursday, 07 March 2019 04:39 PM

දේශපාලකයෙක් මත්පැන් ටිකක් පාවිච්චි කරන එක ගැන අපට ගැටළුවක් නැහැ. ඒත් මේගොල්ලෝ කතා කරන්නේ, සුද්ධවන්තයින් වගේනේ. අනතුර සිදුවීම කෙසේ වෙතත්, බීමතින් රිය පැදවීම නීති විරෝධියි. අඩුතරමේ බොරුවට අනුන්ට දොස් නගන්නේ නැතිව, ඒ වරද පිළිගත්තා නම් ඉවරනේ.

:       522       321

අප්පුහාමි Thursday, 07 March 2019 05:58 PM

බීලද හිටියේ? නැද්ද? ඇයි ඒ ගැන නොකියන්නේ?

:       178       372

janahithaFriday, 08 March 2019 02:22 AM

ලාල්කාන්ත විතරද බීලා වහනය හප්පගෙන තියෙන්නේ. අනේ මෝඩකම් නැතුව ඉන්න, වයස හරිනම් ඕනෑම පිරිමියෙකුට බලපත් තියෙන කඩයකින් ඕනෑම මධ්‍යසාර ප්‍රමාණයක් බොන්න රජයේ අවසරය තියෙනවා .

:       192       156

Chanak Los angelesFriday, 08 March 2019 07:12 AM

ඇත්තටම ඔව්. නීතිගරුක බව ලොවට අඟවමින් මෙවැනි නීති විරෝධී වැඩ වල යෙදෙන්නේ ලාල් කාන්තලාම පමණයි. සුදනෝ වගේ කතාකරන පුද්ගලයා මත්පැන් බීලා වෙරිවෙලා වාහනයක් එලවාගෙන යාම මොන තරම් භයානකද වගේම ප්‍රබල වරදක්ද කියා නොදන්නෙහිද ?

:       0       3

d.upul Thursday, 07 March 2019 08:28 PM

ඔන්න අද නම් බිලා නැහැ.

:       0       108

Sunil Thursday, 07 March 2019 10:57 PM

අනතුර සිදු වුනේ වෙනත් වාහනයකට ඉස්සර කරන්න යාමෙදිනේ. ඉතින් මෝටර් සයිකලය අපරික්ෂාකාරිව අවා කියලා කියන්නේ කොහොමද? ඔබේ දේශපාලනයේදී වගේ මෙතනදීත් බොරු එපා.

:       202       195

Chanak Los angeles Thursday, 07 March 2019 11:10 PM

ලංකාවේ තිබෙන්නේ මහා පුදුම ක්‍රමයක් සැකකරුවෝ මාධ්‍යය ප්‍රකාශයන් දෙමින් නීතියට අභියෝග කරනවා. ලෝකයේ කොහෙවත් මෙවන් විකාර දකින්න ලැබෙන්නේ නැහැ.

:       125       54

Chanak Los angeles Thursday, 07 March 2019 11:13 PM

අපි කියනවා බීලා ගිහින් අනතුරක් කලානම් කට වහගෙන නීතියට කරන දේ කරන්න ඉඩ දෙන්න කියලා ..

:       207       156

krishantha Friday, 08 March 2019 02:36 AM

ගොරකා දඩමස් වෙන්න වගේ හදන්නේ. මහින්දගේ වුනත්, රනිල්ගේ වුනත්, ජවිපෙ වුනත් වෙනසක් නැහැ. දේශපාලකයන්ට වෙනම විශේෂ නීති තමයි. බලන්නකෝ මොකද අන්තිමට වෙන්නේ කියලා.

:       61       10

Bandula. Friday, 08 March 2019 08:42 AM

අනේ මෙහ්. දැන් බැලුමක් පුම්බල විස්තරේ යටගහන්න වත්, ගොරක වත් දඩමස් වත් වැඩක් නැහැ, මිනිස්සු දන්නවා ඇත්ත එනිසා පාඩුවේ හිටියනම් නැත්නම් මොනවා වෙයිද දන්නෑ

:       1       0

Amara Friday, 08 March 2019 03:02 PM

ඒ කත බීලා ආවද දන්නේ නැහැනේ.

:       0       0

Bamunuarachchi Monday, 11 March 2019 01:40 AM

අපි දඩමස් ගොරකා කරන එක පටන් අරගෙන හොඟක් කල් 2020 දී ඔහෙලව 2 ට බස්සනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 277 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 408 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 390 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site