(ඩයනා උදයංගනී, සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට පුළුල් සන්ධානයක් යටතේ මුහුණදීමට එක්සත් ජාතික පෙරමුණ සූදානම් බවත්, එහි ඡන්ද ලකුණ පවා මේ වන විට තීරණය කර අවසන් බවත් එම පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එම සන්ධානය පිහිටුවීමේ කටයුතු ලබන සතිය වනවිට අවසන් කර ජයග්‍රහණය කරා යා හැකි අගමැති අපේක්ෂකයෙක් ද නම් කරන බව රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
එයට රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නායකත්ව මණ්ඩලයක් පත්කරන බවද සේනාරත්න මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
හ්ම්... වරෙල්ලා වරෙල්ලා බලාගෙන ඉන්නේ අපි උඹලා එන කම් තමයි... කාලකණ්ණි පාර්ලිමේන්තු මන්ත්‍රී 225ම රට කෑවා..
2007 රනිල්ගේ නායකත්වය එපාවෙලා නේද? මහින්ද ගාවට ගියේ...
මේ සැරේ ජනතාවගේ මනාපය ලබාගන්න එක ලේසි නැහැ. 2015-2018 දක්වා කළා. සංවර්ධනය කුමක්ද?
එහෙනම් යන්න මහජන ඡන්දෙකට.
බැඳුම්කරේ සල්ලි තියෙනකම් අපි බය නැහැ. ඕනම ඡන්දයකට සූදානම්....
මොන පෙරලි කලත් එන්නේ ඔය මුහුණු නම් වරෙල්ලා ... මිනිස්සුන්ට අමතක නැහැ. කොටින්ට වන්දි ගෙවන්න අත් උස්සපු අය තමයි...