
(සුජිත් හේවාජුලිගේ)
මේ දිනවල අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලබන දිවයින පුරා පෞද්ගලික ඔසුසල්වල සියලු සේවකයන්ටද කොවිඩ් මර්දන එන්නත වහාම ලබාදෙන්නැයි සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.
ඔසුසල්වල බොහෝ සේවකයන් කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සමඟ බොහෝ විට ගනුදෙනු කරන හෙයින් ඔවුන්ටද මේ එන්නත කඩිනමින් ලබා දීම ඉතාම වැදගත් බව එම සංගමය පෙන්වා දෙයි .
සංචරණ සීමා ක්‍රියාත්මක වෙද්දී ඔසුසල් විවෘත කරමින් පාරිභෝගිකයන්ට උපරිම සේවාවක් සලසන පෞද්ගලික ඔසුසල්වල සේවකයන් ගැනද වැඩි අවධානයක් යොමු කළ යුතු වුවත් එවැනි අවධානයක් පෙනෙන්නට නැතැයි එම සංගමයේ නිලධාරිහු පවසති.
පෞද්ගලික ඔසුසල්වල සේවකයන්ටද ප්‍රමුඛත්වය ලබාදී එන්නත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එම සංගමය වැඩිදුරටත් ඉල්ලීමක් කරයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.