(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රි ලංකාවේ ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය තිබෙනවා දැයි තවම සහතික කර කිව නොහැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඊට අදාළ ජාන අනුක්‍රමණ පරීක්ෂණ දිගටම කරගෙන යන බවත් ඒවායේ ප්‍රතිඵල ලැබෙන තුරු තමාට කිසිම වචනයක් ප්‍රකාශ කළ නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
නව සැර කොරෝනා ප්‍රභේදවලින් ගැලවීමට ඇති එකම මාර්ගය එන්නත්කරණය බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
මට වචනයක් කියන්න බෑ ඒ ගැන. මොකද තවම අපේ රටේ පසුගිය කාලසීමාව තුළ නොකඩවාම පරීක්ෂණ කරගෙන යනවා. ඒ එකකින් හමුවන තෙක් අපිට සහතික කරලා කියන්න පුළුවන්කමක් නෑ."
COMMENTS
කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් ජාත්‍යන්තර ගේම් එකක