
(සුජිත් හේවාජුලිගේ)
ලොකු ඔමික්‍රෝන් රැල්ලක් ලබන මස අග වනවිට ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
එහෙත් ඔමික්‍රොන් වයිරසයෙන් දරුණු රෝග ලක්ෂණ මතු නොකරන හෙයින් එම රෝගීන්ගෙන් සියයට අසූවක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ඔමික්‍රෝන් වයිරසය වේගයෙන් පැතිර යන නමුත් වැඩි පිරිසක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති හෙයින් ඉන් සමාජයට ලොකු බලපෑමක් ඇති වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා මේ අවස්ථාවේදී ජනතාව තුන්වෙනි මාත්‍රාව කඩිනමින් ලබා ගැනීම ඉතාම වැදගත් බවද පැවසුවේය.
බොහෝ පිරිසක් තුන්වෙනි මාත්‍රාව ලබා නොගෙන පැහැර හැර සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස කටයුතු කිරීමෙන් ජීවිත අවදානම වැඩි විය හැකි බවත් අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
එකම එන්නතක් හෝ ලබා නොගෙන සිටින පුද්ගලයන් මේ මොහොතේදී එන්නත් ලබා ගැනීමට එන්නත්කරණ මධ්‍යස්ථානවලට වහාම යොමුවිය යුතු බව පැවසූ හෙතෙම මුව ආවරණ පැළඳීම දුරස්ථභාවය පවත්වාගෙන යෑම යනාදීවූ සෞඛ්‍ය නීති පිළිපැදීම සඳහා ජනතාව වැඩි වැඩියෙන් උනන්දු කළ යුතු වන බවද කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ විදෙස් රටක... කෝවිඩ් වෛරසය ඇතිවග PCR පරීක්ෂණයෙන් තහවුරු කළද එන්නත් කරණය සම්පූර්ණ කළ කිසිවෙකුට කිසිම රෝග ලක්ෂයක් පෙන්නුම් කරන්නේ නෑ. දින කීපයකින් PCR නෙගටිව් වෙනවා. ඒ නිසා අපේ රටේ හැම කෙනෙක්ම එන්නත් ලබා ගැනීමට උනන්දු වන්න. දැනට ඇති එකම විකල්පය එයයි.