(රංජන් කස්තුරි)

මත්පැන් නිවෙස්වලට ගොනැවිත් අලෙවි කිරීමේ ක්‍රමවේදය කුමන්ත්‍රණයක් හෙයින් ඊට විරෝධය දැක්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයන් 63 දෙනකු පමණ මියයන අතර කොරෝනා ආසාදිතව ද මේ වන විට දිනකට පුද්ගලයන් 60ක් පමණ මිය යන බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

කොරෝනා වසංතය හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති කාලය තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ ඖෂධ හෝ නිවෙස්වලට බෙදාහැරීම සඳහා මෙතෙක් නිසි ක්‍රමවේදයක්  රටපුරාම ක්‍රියාත්මක නොවූ බව ද එහෙත් මත්පැන් අලෙවිය සඳහා එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉක්මන් පියවර ගැනීම ලජ්ජා සහකත ක්‍රයාවකැයි ද  වෛද්‍ය කොළඹගේ මහතා සඳහන් කරයි.