(රංජන් කස්තුරි)

පාසල් සිසුන්ට මාර්ගගත ක්‍රමයට (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීම දෙවැනි දිනයටත් අද සිදු නොවූ අතර එම ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කරන බව ගුරු හා විදුහල්පති සංගම් නායකයෝ කියති.

මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 විභාගයට සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කිරීමට සිසුන් හා මව්පියන් අද පාසල්වලට ගොස් තිබූ නමුත් ඇතැම් පාසල් වසා තිබූ හෙයින් ඔවුන්ට හිස් අතින් නිවෙස්වලට යාමට වූහ.

විදුහල්පතිවරුන් පිරිසක් ද මාර්ගගත ක්‍රමයට රාජකාරී කිරීමෙන් වැලකී සිටීමේ වෘත්තීය සමිති ක්‍රියාමර්ගයක් දියත්කර ඇති හෙයින් උසස් පෙළ සිසුන්ගේ සහ ශිෂ්‍යත්ව සිසුන්ගේ විභාග අයදුම්පත් බා ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද වාර්තා වෙයි.