
මහනුවර ඓතිහාසික ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහර අද (22) රාත්‍රී 6.44ට යෙදුණ සුබ මොහොතින් වීදි සංචාරය කෙරිණි.
එහිදී සධාතුක කරඬුව වැඩම කරවූයේ නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා වන අතර දළඳා මාළිගා ඇත් පන්තියේ ඉන්දිරාජා සහ කතරගම මහා දේවාලයේ කතරගම වාසනා හස්තීන් දෑලේ ගමන් කළහ.
පෙරහර නර්තනාංග රැසකින් වර්ණවත්ව තිබිණි.
මෙවර කොවිඩ් වසංගත තත්වය නිසා පෙරහැර මහජනතාවට නැරඹීමට විවෘත නොවූ අතර ඒ හේතුවෙන් පෙරහැර ගමන් මාර්ගය පාළු ස්වභාවයක් ගෙන තිබිණි.
ඡායාරූපය - ජේ.ඒ.එල් ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා සීග්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේ පැවැත්වූ පෙරහැරේ අවසන් රන්දෝලි දින අද 22 අලි පවා කුලප්පුවී විරෝධතාවය පලකර ඇත
අද දින අලි කලබල වීම ගැන කිසිවක් පළ නොකරන්නේ ඇයි.?
කොරෝනා සීඝ්‍රයෙන් පැතිරෙන මේ අවස්ථාවේ පැවැත් වූ ගුරු විරෝධතාවය, වසංගතයක් තිබෙන මේ කාලයේදී සාධාරණ නැහැ කියලා... අලි කුලප්පු වුණේ නැත.
විශිෂ්ඨයි...!!!