
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට එන තරුණ තරුණියන්ට දේශපාලන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සැලසීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් පුහුණු කිරීම් කරන ආයතන සමඟ සම්බන්ධ වී මෙම කාර්යය සිදුකිරීමට නියමිතය.
පශ්චාත් කෝවිඩ් සමයෙන් පසු නව සමාජ ක්‍රමය සමඟ නූතන තාක්ෂණය භාවිත කරමින් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදීම සඳහා වැඩදායී මඟ පෙන්වීමක් කිරීම ඉහත පාඨමාලා ක්‍රියාත්මක කිරීමේ අරමුණ වෙි.
COMMENTS
මොනවා උනත් අපේ මේ ඇම්ඩන් හරිම වාසනාවන්ත මනුෂයෙක්. මොකද කෙනෙකුට මිනිස්සුන්ව හිනස්සවන්න ලෙහෙසි පහසු නැහැ. නමුත් මේ ඇම්ඩා එය ඉතාමත්ම පහසුවෙන් කරනවා....
රංගෙය, රුවන් ගොයියා, වජිරය වගේ " නවක මුහුණු සහිත තරුණයන්" ගැන වෙන්න ඇති මේ ඇම්ඩන් කියන්නේ...
බම්බුව තමයි
ඔය නව මුහුණ හදාගන්නද "රිචඩ් බදියුදීන්" එලියට දාන්නයි කියන්නේ ?
මෙයාට වඩා තරුණයක් මේ රටේ ඉන්නවද? දවසින් දවස මෙයා තරුණ වෙනවා.
තරුණ තරුණියන්ට දේශපාලනය පිළිබඳ පුහුණුව ලබා දීමේදී හොරකම සහ වංචාවෙන් තොරව රට පාලනය කිරීමට අදාලවත් පාඨමාලාවක් යෙදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. නැත්නම් ඔය ටිකත් මේ අය වගේම වේවි. නිදහසින් පසුව අවුරුදු 72 ක් වෙච්ච දේ පේනවනෙ.
එක්සත් ජාතික පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට එන තරුණ තරුණියන්ට දේශපාලන පුහුණු පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව සැලසීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පියවර අගය කරමු . අවංක තරුණයන්ට අවස්ථාව සලසා දිය යුතුවේ .දේශපාලනයට පැමිණි පසු ක්‍රියාත්මක කලයුතු ආකාරය පිළිබඳව ඔවුන්ට අවබෝධයක් ලබාදීම වැදගත් වේ